දහ නවවෙනි දිගහැරුම ❄️

3.3K 505 70
                                    

වතිල පහුවෙනිදා උදේම ඇහැරුණේ නෑ..එදා එයා නිවාඩු...අනික සෙනසුරාදා දවසක්.....
ඉතිං තාත්තයි දූ යි දෙන්නම ගොරව ගොරවා නිදි එළිවෙනකම්ම....
පහන්‍යා තමා මුලින් ඇහැරුණේ.....
නිදාගත්තෙ ඩැඩී එක්ක වුණාට ඇහැරෙනකොට එයා එයාගෙ ඇදේ...
හැමදාම එහෙමයි....
ඩැඩී එයාව ගිහින් තියනවා...

පහන්‍යා ඇහැරලා එහෙමම ඩැඩීගෙ කාමරේට දුවන් ආවෙ එයාවත් ඇහැරවන්න හිතන්.......
ඒත් නිදිගැට කඩන ගමන්ම ලොකු ඈනුමකුත් යවලා නිදියන් ඉන්න ඩැඩි දිහා බැලුව පහන්‍යාගෙ හිත වෙනස් වුණේ ඇදේ අයිනක තිබ්බ ෆෝන් එක දකිද්දි..........

වතිල පහන්‍යාට ෆෝන් එක වැඩිය දෙන්නෑ...
පොඩි දරුවොන්ට ඔව්වා හොද නෑලු...
නරක් වෙනවලු....දුන්නත් දෙන්නෙ හරියට විනාඩි 15 යි....
ඒ වුණාට පහන්‍යා මේ වගේ වෙලාවට හොරෙන් ගන්නවා.....ඩැඩී දන්නෑනෙ.එයාට නින්ද ගියාම ලෝකෙ පෙරලුණත් ඇහැරෙන්නෑ...

Candy crush ගේම් එකක් ඕපන් කරලා ටික වෙලාවක් ගිහින් දිනන්න ඔන්න  මෙන්න තියෙද්දිම කෝල් එකක් එනවා.....
අයියෝ ....වදේ....කවුද අප්පා මෙච්චර උදෙන්ම කතා කරන්නෙ...

"අපූර්ව??...ඒ කවුද.... "
......කමන්නෑ ගමුකො...

"තමුසෙ අද එන්......

පහන්‍යාට ඒ කටහඩ හුරුයි.....

"ශාධි අංකල් ....?? ඔයාද මේ...ඔයාද අපූර්ව??  "

"පහන්‍යා...?? දූ?? ...තාත්තා කෝ..??"

ශාධිත්‍ය අහද්දි පහන්‍යා ෆෝන් එක අතේ තියාගෙනම ඇද පැත්තට හැරුණා...

අත් කකුල් හතර අතේ දාගෙන ඩැඩී නිදියන් ඉන්න විදිහ දැක්කම පහන්‍යාටත් හිනා.....පැතලි බංඩි ගෙඩියත් එළියෙ......
පහන්‍යා ඒ බංඩි ගෙඩියට බොක්සිං ගහනවා සමහර වෙලාවට...

"ඇයි හිනාවෙන්නෙ...."

"එයා නිදිනෙ අංකල්..... අද නිවාඩුලු..ඉතිං එයා නිදිකුම්බරයෙක් වෙලා බඩත් එළියෙ දාන් නිදි.... ඔයා එන්නකො මෙහෙ....අපි ඇවිදින්න යංකො..අර එදා වගේ මට වෙරළු ගෙනත් දෙන්න...."

පහන්‍යා ගිරවියක් වගේ කියවන් ගියා...

එයාට ශාධිත්‍ය අංකල් එක්ක යාළුවෙන්න ඕනෙ වුණා......
මොකද එයයි ඩැඩියි තරහා වෙච්ච හොදම යාළුවො නං පහන්‍යා හරි ඒ දෙන්නව යාළුකරන්න එපැයි......

අපූර්ව ✔️Where stories live. Discover now