වතිල ඇදෙන් නැගිට්ටෙ උදේ දහයට විතර...
ශාධිත්‍යයි පහන්‍යායි තුරුල් වෙලා තාම නිදි....
දවස් දෙකක ට්‍රිප් එකට පස්සෙ පාන්දර ගෙදර ඇවිත් නාලා කාලා තුන්දෙනාම එකම ඇදකට වැටෙනවා විතරයි මතක....වතිල ඈනුමකුත් යවලා ජනේලෙ ඇරියා... ඒවත් නෙවේ අප්පායි දූයි යන්තමටවත් හෙල්ලුණේ.... ඉර එළිය මූණට වදිද්දිත් හොදට නිදි....
ශාධිත්‍ය ට්‍රිප් එක සංවිධානය කරන්න හුගක් මහන්සිවෙලා තිබ්බා....
හැම තැනම දුවලා පැනලම මහන්සි ඇති එක්කො.....
වතිල හොරෙන්ම දෙන්නගෙම නළලට හාද්ද ගාණේ දීලා කුස්සියට ගියා..පාන් තියෙනවා... බිත්තර තියෙනවා.. අල තියෙනවා.....
කෑමක් හදන්නයි යන්නෙ...
වැරදෙන්න තරං සංකීර්ණ නෑනෙ...වතිල අල තැම්බෙන්න තියලා ලූණුයි, තක්කාලියි, කරපිංචායි එහෙම ගත්තා...
ඊට පස්සේ අල තැම්බුණාම ඒවා පොඩි කරලා ලූණු, සුදුළ්‍රුණු දාලා තෙල් දාලා ඒකටම බිත්තර දෙකකුත් දැම්මා...
උඩින් ගම්මිරිස් ටිකක් එහෙමත් දැම්මා..
ඊට පස්සේ ඒක පාන් මැදට දාලා ටෝස්ට් කරා...උදේ කෑමට පාන් එක්ක කිරි...
"ලොකු බබාටයි පොඩිබබාටයි ඇහැරෙන්න වෙලාව... කෝ කෝ නැගිටින්න... නැගිටින්න..."
වතිල බෙඩ්ෂීට් එක ඇදලා දාලා ශාධිත්‍යගෙ කකුල් දෙකෙන් අල්ලලා පාතට ඇද්දා...
"ඒයි ඒයි.!! අතාරිනවකො...මාව වැටෙයි....."
පහන්‍යා ශාධිත්‍යගෙ සද්දෙට ඇහැරලා නිදිමත බේරෙන ඇස් දෙකෙන් ඇද උඩ ඉදගත්තා....
"ඩැඩී....... "
"කන්න උයලා තියෙන්නෙ....මමම එපැයි ඔක්කොම ටික කරන්න.... උදව් කරන්න එකෙක් නෑ..... මේ ගෙදර ඔක්කොම කරන්න ඕනේ මං.... "
වතිල රව රවම පාන්දර ගලවලා දැම්ම කුණු ඇදුම් එකතු කරා...
වතිල තල්ලු කරපු පාර බිමටම වැටුණු ශාධිත්‍ය නැගිටලා බලන් හිටියෙ කටත් ඇරගෙන...
"ඈ මනුස්සයො... එක වේලක් උයලද මේ කෑගහන්නෙ.... මේ ගෙදර වැඩිහරියක් උයන්නෙ පිහන්නෙ මම... ඉදලා ඉදලා හාවා හද දකින්නා වගේ දවසක් උයලද කෑ ගහනවා...."