"ඩැඩී... මේවද දවල්ට කන්න ගෙනාවෙ... අනේ රස නෑනෙ.... "
පහන්යා ඇස් ලොකු කරලා වතිල දිහා බලලා දෙන්නගෙ මැද්දෙ දිග ඇරලා තිබ්බ කෑම පාර්සලේට රැව්වා.....
පහන්යා කිවිව එක ඇහුණෙ නෑ වගේ වතිල පහන්යාට කටක් අනලා දික් කරා...
පහන්යා කඩෙන් ගෙනාව ඉදි ආප්ප කට කෑවෙ මූණ ඇඹුල් කරගෙන..."අනේ.... කන්න බෑ... සම්බෝලයි පරිප්පුයිනෙ.... "
හැමදාම හොදම කෑම කාපු පහන්යාට මේ කෑම කන්න අමාරු ඇති... වතිලත් කවදාවත් හොදම තැනකින් ඇර කෑම ගන්න කෙනෙක් නෙවේ...
ඒත් එයාගෙ කාඩ් එකේ තියෙන්නෙ රුපියල් පහලොස්දාහක් විතර.....
ඉන්න තැනක් හොයාගන්නත් ඕනේ...
කෑම වලටත් සල්ලි ඕනෙ...ඉතිං ජීවිතේ පලවෙනි වතාවට වතිල රස, ගුණ හොයන්නෙ නැතුව ගණන් අඩු තැනකින් උදේට කෑම අරන් ආවෙ එතන ටිකක් පිරිසිදුවට පෙනුන නිසා...
පහන්යා අඩන්න වගේ... ඒක දකිද්දි වතිලටත් දැනෙන්නෙ හරියට කවුරුහරි එයාට පිහියකින් ඇනිනවා වගේ...කොයි තාත්තද කැමති දුව අඩනවා දකින්න....
ඒත් වතිල හිත තද කරන් පහන්යාට කතා කරා..."හොද නරක හොයන්නැතුව කන්නකො ළමයෝ... මම මීට වඩා හොද තැනකුයි හොද කෑමයි හොයාගන්නං.... එතකන් ටිකක් ඉන්නකො...."
පහන්යා කට උල් කරලා මොනවා හරි කියන්න හදලත් වතිලගෙ බැල්ම දැකලා මුකුත් නොකියා හිටියෙ තාත්තට තරහා යයි කියලා බයේ වගේ......
අද උදේ ඇහැරියට පස්සෙ තමා වතිලට මේ කාමරේ කොච්චර පරණද කියලා තේරුණේ... රෑ වෙලා හදිස්සියට මෙහෙ හිටියට මෙතන ආරක්ෂිත නෑ කියලා වතිලටම තේරුණා....
විශේෂෙන් ගෑනු ළමයෙක්ව තියාගන්න බැරි තැනක්...උදේට ඊයෙ ගෙනාව බිස්කට් පහන්යාට කන්න දීලා දහයට විතර පහන්යාව ඇතුලෙන් තියලා දොර ලොක් කරලා වතිල කෑම මොනවාහරි ගන්න ටවුන් එකට ගියෙත් බයෙන්.....
පහන්යා තනියම ඉන්න බෑ කියලා අඩද්දි බලෙන් වගේ වතිල එයාව තනියම තියලා ගියේ...
ආපහු එනකන්ම එයා හිටියෙ හිතේ ගින්දරෙන් .......මනුස්සයෙක්ට තමන්ගෙම කියලා කෙනෙක් ඉන්න ඕනෙ කියලා දැනෙන්නෙ දැන්... වතිල විතරක් නං එයාට ඕන දෙයක්...
ඒත් මේ පුංචි කෙල්ලට දුක් දෙන්නෙ කොහොමද.......