අතීතය ( 2012) ❤️
ආදරේ කරන කොට හැමදේම ලස්සනට පේනවලු...
අපූර්ව බංගලාවෙ ඉදලා ආපහු එද්දි ළාවට මෝදු වෙච්ච ඉර එළිය එයාට හරිම සනීපෙට දැනුනා....
කදුපාර දෙපැත්තෙ පිපිලා තිබිචිච මල් හිනාවෙනවා වගේ......කුරුල්ලො සිංදු කියනවා වගේ දැනුනා....වරා ගහක වරා මලක් පාවෙලා ඇවිත් අපූර්ව ගෙ නහය උඩට වැටිලා කිතිකැවුවා..
අපූර්ව වරා මල අතට අරන් ඒක ඈතට ඈතට පා කරලා යැව්වා...කොච්චරද කියනවනං උදේට වැඩට යන අයගෙ කරච්චලේත් සිංදුවක් වගෙයි අපූර්වට ඇහුනෙ....
හැමදේම කොච්චර ලස්සනද....
අපූර්ව ගෙදර ඇවිත් එළකිරි බීලා ඉඩ්ලියි සම්බෝලයි කාලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන ගමනුත් හිතුවා...අපූර්ව ස්කූල් අදින සුදු කමිසෙ ඇදගෙන පරණ අවපාට බිත්ති කණ්ණාඩිය ඉස්සරහා වටේකුත් කැරකුණා... උරහිස් තාම පළල් වෙලා නැතුවට මොකද අපූර්ව සෑහෙන්න උසයි.... ටිකක් හීන්දෑරි වුණත් හොද පෙනුමයි....
දත් ටික විලිස්සලා හිනාවෙලා අපූර්ව කොණ්ඩේ හදාගත්තා....
සින්නදොරේ දුන්න මාලේ අපූර්ව ගෙ ලාච්චුවේ එයා වටිනා කියන දේවල් දාන කළුපාට පෙට්ටියේ දැම්මා...
අපූර්ව ගෙ අම්මගෙ කියලා බාලචන්ද්‍රන් රංගම්මට දිලා තිබ්බ මුද්දක්.... තව සින්නදොරේ චූටි කාලෙ ඇදලා විසි කරපු චිත්‍රයක් එක්ක මාලෙත් දැන් එතන....අපූර්ව එදා ස්කූල් ආවෙත් බඩේ සමනල්ලු පියාඹ පියාඹ.. ඉගෙනගනිද්දිත් ඒ හැගීම නැතිවුණේ නෑ......
සින්නදොරේත් කීප වතාවක්ම අපූර්ව දිහා හොරෙන් බලනවා කියලා අපූර්ව ට තේරෙනවා...පලවෙනි ආදරේ කියන්නෙ කෙනෙක්ට කවමදාවත් අමතක නොවෙන දෙයක්ලු.....
හිමි වුණත් නැතත් ඒ හැගීම් හැමදායම හිතේ තැන්පත් වෙනවලු...ඉතින් අපූර්ව ගෙ පලවෙනි ආදරේ එයාට තෑග්ගක් දුන්නු පලවෙනි වතාවනෙ... ඉතින් අපූර්ව ට සතුටක් නොදැනී තියෙයිද.....
එදා දවසම හීනෙන් වගේ ගත කරපු අපූර්ව ස්කූල් ඇරිලා පන්සිළු එක්ක ගෙදර යන ගමන් හිටියෙ.... අද පන්සිළු එයත් එක්ක පයින් එනවා...
බංගලාවෙ කෙනෙක් කියලා නෑ...මේක ගමක්නෙ... ඉතිං වැඩිහරියක් හැමෝම යන්නෙ පයින් තමයි....