"කොහෙද ඕයි තමුසෙ යන්නෙ... පාර පුරා ඉගිලෙන්න තොගෙ බාප්පද ලයිසන් දුන්නෙ...??"
වතිල මහ රෑ පාරේ ගියපු වාහන වලිනුත් බැනුම් අහගෙන දිගටම ශාධිත්යව හෙව්වා... එක එක පාරවල් වල දෙතුන් පාරක් ගිහින් බැලුවා....
ඒත් ශාධිත්යගෙ කාර් එකේ සේයාවක්වත් නෑ......පාන්දර එකත් පහු වෙද්දි වතිලව නොසන්සුන් වුණා...
එයාගෙ නළලෙන් දාඩිය ගලනවා...
එයා හොදටම කලබලෙන්.....මේ මනුස්සයා කොහෙද ගියේ... හිතේ අවුලෙන් කොහෙට ගියාද මන්දා....
ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ....වතිලට කේන්තියි.... එයාව අවිශ්වාස කරාට.... නෙහාන් එක්ක වැරදි සම්බන්ධයක් තියෙනවා කියලා හිතුව එකට...
ප්රශ්නෙ තව දුරදිග යනකං සති දෙකක් විතර මුකුත් නොකියා බලන් හිටියට....ඒත් වතිලට අමතක කරන්න බෑ එයා ශාධිත්යට පලයං කියලා එලෙව්ව හැටි... හැම බැදීමක්ම ඉවරයි කීව හැටි...
කොච්චර හිතුවත් කවදාවත් කේන්තියට මුල් තැන දෙන්නෙ නෑ කියලා වතිලව හැමදාම පහළට ඇදලා දාන්නෙ එයාගෙ මේ කේන්තිය....වතිල අන්තිමට බැරිම තැන බයික් එක හරවගෙන ගෙදර ආවෙ ශාධිත්යව හොයාගන්න නැතිම තැන...
එයා එනකොට පන්සිළු සාලෙ ඉදගෙන ඉන්නවා... පහන්යා එයාට එහා පැත්තෙ ගුලි වෙලා නිදි....
වතිලව දැක්ක ගමන් පන්සිළු නැගිට්ටෙ කේන්තියෙන් කෑ ගහන්න වගේ......
ඒත් පහන්යා නිදියන් ඉන්න දිහා බලලා වතිලවත් ඇදගෙන කුස්සිය දිහාට ගියේ වතිලගෙ මූණ දිහාවත් හරියට නොබලා.."අයියෙ.. මොනවද මේ කරන්නෙ...දූ නැගිට්ට ගමන් ඩැඩී කියාගෙන ඔයාලගෙ කාමරේට ගියා.... ඒක ඇතුලෙ නිකං යක්කු නටලා වගේ...
ඒ මදිවට වීදුරු පිගානකුයි කුඩු වෙච්ච කේක් එකකුයි..... මොකද වුණේ ..අර පොඩිකෙල්ල හොදටම ඇඩුවා බය වෙලා ඔයාටයි ශාධිත්යටයි මොනවාහරි වෙලා කියලා හිතලා...."පන්සිළු කියාගෙන කියාගෙන යද්දි වතිල බිම බලාගෙන කදුළු හංගගන්න හැදුවා...
වතිලට යන්න කලින් කාමරේ ලොක් කරන්නවත් සිහියක් තිබ්බෙ නෑ..."ශාද් මාත් එක්ක රණ්ඩු වුණා... මට හිතාගන්න බෑ දෙයියනේ මොනවා කරන්නද කියලා.....