පළමු දිගහැරුම ❄️

6.7K 637 47
                                    

පලමුවන දිගහැරුම.....

වර්තමානය💚

කොලඹ ඉදලා නගර, ගම්මාන පහුකරගෙන පෙජරෝ එකක් වේගෙන් නුවරඑලිය දිහාවට ඇදෙනවා.... ගෙන්දගම් පොළොවේ ඌෂ්ණෙ මැකිලා ටික ටික වටාපිටාව සීතල වෙන්න පටන් අරන්......
මෙච්චර වෙලා පහු කරන් ආව බිල්ඩින්.... සුපර්මාකට් අතරින් පතර තිබුණ ගස්කොළන් ගෙවල් වෙනුවට බලන බලන අත පෙනෙන්නෙ ඈත යායවල් වගේ විහිදිලා යන තේ වතු ...
වතු යායවල් කෙලවරවල් වල ගිනි පෙට්ටි වගේ චූටිවට ඈතින් ගෙවල් පේනවා.......
වටාපිටාව හරිම සෞම්‍යයි....පුදුමාකාර විදිහට ලස්සනයි......

කොලඹ ඉදලා එනකොට අතරමග පාරේ තිබුණ ගස් වගේ නෙවෙයි...නුවර එලියේ කදුකරට වෙන්න තියෙන ගස් කුරුයි... ඇඹරිලා.....කොල පුංචියි......

කදු උඩින් හමාගෙන යන හුළගට මේ තනි ගස් තාලෙට පැද්දෙනවා....ඇඹරෙනවා...හරියට නටනවා වගේ.....ඒ ගස් වලට උඩින් පෙනෙන අහස නිල්ම නිල් පාටයි....
ළාවට මීදුමකුත් පැතිරිලා.....

ළාවට මීදුමකුත් පැතිරිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ වෙනස්ම පරිසරයට යන පෙජරෝ එකේ ඩ්‍රයිවර්ට අමතරව තව දෙන්නෙක් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ වෙනස්ම පරිසරයට යන පෙජරෝ එකේ ඩ්‍රයිවර්ට අමතරව තව දෙන්නෙක් හිටියා.....

වතිල සදකැලුම් සිංහවංශ ......
ඒ එක්කම එයාගෙ පුංචි දූ පහන්‍යා....

වතිල නං වාහනේ වීදුරුවෙන් වටපිට බලන් යනවා...ඒත් පහන්‍යා නං තාත්තාගෙ උකුල උඩ ඔලුව තියාගෙන හොදටම නිදි...

අපූර්ව ✔️Where stories live. Discover now