තිස් එක්වෙනි දිගහැරුම ❄️

3.8K 563 82
                                    

වතිල හවස් වරුවම කොලඹ ක්ලබ් එකේ investments ගැන එතන මැනේජර් එක්ක තිබ්බ ඔන්ලයින් මීටින් එකකට සෙට්  වුණා.......

මෙච්චර දවස් නං වතිල  ක්ලබ් එක ගැන වද වුණේ නෑ...
ඒත් එයාට හම්බුණ අනිත් හැම ආදායමක්ම නතර වෙද්දි ක්ලබ් එක විතරයි වතිලම පටන් ගත්තු දේකට තිබ්බෙ... හදිස්සියේ හරි ෆැක්ටරියෙ ජොබ් එක අතාරින්න වුණොත් මේකෙන් හරි ජීවත් වෙන්න පුලුවන්නෙ....
පහන්‍යා එන්න එන්න ලොකු වෙනවා..එයාට අඩුපාඩුවක් කරන්න බෑනෙ....

කොහොමහරි මීටින් එක ඉවර වෙද්දි හය පහුවෙන්න ඇති....
පහන්‍යා වොෂ් දැම්මද දන්නෙත් නෑ... ස්කූල් වැඩ කරවන්නත් තියෙනවා...

වතිල ශාධිත්‍යගෙ ගෙදර තිබ්බ පුංචි ඔෆිස් රූම් එකෙන් එළියට ආවෙ පහන්‍යා කෝ කියලා හොය හොය....

සාලෙට එද්දි වතිලට පහන්‍යාගෙ කටහඩ හයියෙන් ඇහුණා...

"ඒ කියන්නෙ සුනිල් සුපර් මාකට් එකෙන් ගත්ත කෙසෙල්  ගෙඩි 150 න් 100 ක් නිමල්ට දුන්නම ඉතිරි 50 යි...නේද..."

"අන්න හරි.. 150 න් 100 ක් අඩු කරනවා...ඔයා හරි ස්මාට්නෙ බබෝ  "

"ඒත් අප්පා.. ඇයි සුනිල් කඩෙන් කෙසෙල් ගෙඩි 150 ක් ගන්නෙ... එයා හුරතලේට අලි පැටියෙක්වත් ඇති කරනවද... නැත්තං එයා ඒ ඔක්කොම ටික කනවද...කියන්නකො අප්පා.. "

වතිල එතකොටම තමා දොර ළගට ආවෙ... ශාධිත්‍ය ඔලුවත් කස කස උත්තර හිතනවා දකිද්දි වතිලට හිනායන්නත් එනවා.....

දැන් දීපංකො උත්තර.... පොඩි උංටත් තියෙන ප්‍රශ්න.... හැබැයි ඒ කාලෙ වතිලත් ඕක හිතුවා..

"ඕවා මන්දන්නෑ ළමයො... සුනිල්ට පිස්සු වෙන්න ඇති...එක්කො එයා කෙසෙල් වලට ආස ඇති.... කෝ ඊලග ගාණ ගන්නකො... "

ශාධිත්‍ය කීවෙ කටත් ඇද කරලා......
එතකොට එයා හරි හුරුබුහුටියි .

දෙන්නම වොෂ් දාලා වගේ.... සාලේ ස්ටූල් එක උඩ පොත තියාගෙන බිම ඉදගෙන හෝම්වර්ක් කරන්නෙ වටේ පිටේ දෙයක් දිහාවත් නොබලා සම්පූර්ණ අවධානෙ ඇතුව......

වතිල ඒ දෙන්නා ළගට ගිහින් පහන්‍යාට එහා පැත්තෙන් ඉදගත්තා....

"දූ හෝම් වර්ක් කරනවද......"

අපූර්ව ✔️Where stories live. Discover now