අවුරුදු එකොළහක් පුරාවට රෑ මැද්දේ හීන අස්සෙ හිටිය ඒ පිරිමි ආත්මය.....
හුස්ම ගන්න මොහොතක් ගාණේ මතකෙට ආව ඒ උණුහුම....
හුග කාලයක් පෙරුම් පුරපු ඒ පහස අස්සෙ වතිල අන්තිමේදි අතරමං වෙලා හිටියා......වතිලගෙ මූණට එබිලා එයා දිහා බලාගෙන හිටිය ඒ ඇස්..... ඒ ඇස් වල තිබුණු දගකාර බැල්ම වතිලව එකම එක මොහොතකට වෙනම ලෝකෙකට අරන් ගියා....
හැන්දෑ වැටීගෙන එන අහසේ පායපු රාස්සිගෙ අව්ව තැඹිලි පාටට ජනේලෙ අතරින් පෙරිලා ඇවිත් ශාධිත්‍යගෙ මූණේ පැත්තකට වදිද්දි වතිල එක අතක් උස්සලා ඒ කම්මුල ළාවට අතගෑවා.....
එයා කඩවසම්.....හරියට වෙනම ලෝකෙකින් ආව කෙනෙක් වගේ..... ඒ දිගැටි මූණේ කඩවසම්කම එක්කම මොකද්දෝ රහසක් ලියවිලා තිබුණා....වතිල ඒ රහස හැමදාම කියවන්න උත්සාහ කලත් කවදාවත් බැරිවුණා....
වතිලගෙ ඇස් ශාධිත්‍ය ළග අතරමං වෙද්දි ශාධිත්‍යගෙ ඇසුත් නොසන්සුන් විදිහට වතිලගෙ නිරුවත් උඩුකය පුරාවටම ඇවිද්දා........
වතිල එයාගෙ අනෙක් අතින් ශාධිත්‍යගෙ එක උරහිසක් තද කරලා අල්ලගනිද්දි එක තත්පරේකට ශාධිත්‍යගෙ ඇස් වතිලගෙ ඇස් වලට මුණ ගැහුණා.....ශාධිත්‍ය ඊලග මොහොතෙදි වතිලගෙ ඇස් වලින් මිදිලා එයාගෙ ළාවට රෝම විසිරිලා තිබුණු ඇත්දළ පාට පපුවට මුව තිබ්බෙ වතිලගේ හුස්ම ගන්න වේගය වැඩි කරලා......
වතිලගෙ අත් දෙක ශාධිත්‍යගෙ හිසකෙස් අතරින් ගියේ එයාගෙ පපුවට දැනුනු ඒ තෙත ස්පර්ශය දරා ගන්න බැරුව....
ඒ එක්කම ශාධිත්‍යගෙ අත් වතිලගෙ ඉණ දිහාවට ඇදිලා ගිහින් ඇගේ ඉතුරු ඇදුම් ටිකත් සීරුවට අයින් කරද්දි වතිල ළාවට වෙව්ලුවේ සීතලටම නෙවේ ......
අවුරුදු ගාණක අතීත මතක පිරුණු කුළුදුල් ආදරේ ඉස්සරහා එයා සම්පූර්ණයෙන්ම මේ විදිහට නිරුවත් වුණු පලවෙනි අවස්ථාව නිසා....ශාධිත්‍යගෙ උරහිසට තද වෙලා තිබුණු වතිලගෙ අතේ නියපොතු උරහිස හීරෙන තරමට දැඩි වෙද්දි ශාධිත්‍යගෙ අත වතිලගෙ ඉණෙන් පහළට ගිහින් එයාගෙ සංවේදීම හැගීම් උඩ නතර වුණේ වතිලට කෑ ගැස්සෙද්දි....
මේක වෙනස්... එදාට වඩා වෙනස්....
එදා ශාධිත්‍යගෙ තිබුණු දැඩි , හැගීම් විරහිත ගතියෙන් එහාට ගිහින් අද එයාගෙ ස්පර්ශය මෘදුයි....
වතිලට දැනුනෙ හීනයක් අස්සෙ පාවෙනවා වගේ.....