කට්ටියම කොලඹට ළං වෙද්දි උදේ හත හමාරට විතර ඇති...පාන්දරමනෙ පිටත් වුණේ.... මුලින්ම බස් එක නතර කරේ ගංගාරාම පන්සල කිට්ටුව .....
හැමෝම බැහැලා පොඩ්ඩො ටික දෙන්නා දෙන්නා පෝලිම් හදවලා හැමෝම පිළිවෙලට පන්සල ඇතුලට ගියා.....
සිළුමිණීත් කකුල අමාරුවෙන් තිය තිය ගියේ ශාධිත්‍යට වාරු වෙලා...වතිලත් ශාධිත්‍ය පිටිපස්සෙන් පුපුර පුපුර ඇවිදන් ගියා....
"අයියයි යාළුවයි ඉන්නවනෙ... ටීචර්ට ප්‍රශ්නයක් නෑනෙ නේද...."
පහන්‍යාලගෙ පන්තිභාර ගුරුතුමී වුණ අවුරුදු පණහක් විතර වෙච්ච රත්නසීලී ටීචර් කීවෙ සිළුමිණීගෙ උරහිසට තට්ටුවකුත් දාලා...
ඔව් ඔව්... දැන් ඉතිං තිරිසමක් තමා කරගන්න වෙන්නෙ මේකිව
තියාගෙන ......
වෙන පවුල් වල මස්සිනා පස්සෙ විතරයි නෑනා එන්නෙ.... ඒකට අපේ පවුලෙ....
මස්සිනාගෙ මනුස්සයටවත් බේරෙන්න විදිහක් නෑ....
වතිල හිතෙන් බැන්නෙ මේ යන්නෙ පන්සලකට කියලත් අමතක වෙලා...."වතිල!! වතිල !! මාත් එක්ක යං....."
ඒ කටහඩ ඇහෙද්දි ශාධිත්‍යත් පිටිපස්ස හැරිලා බැලුවා....
වතිල එයා ළගට දුවන් ආව හංසනගෙ අම්මා නිරූපා දිහාත් බලලා ශාධිත්‍ය දිහාත් බලලා නිරූපා එක්ක යන එක හොදයි කියලා තීරණේ කරා...පන්සලකට යන්නෙ හිත සන්සුන් වෙන්න... නිදහස් වෙන්න... වතිල මීට කලින් කීප වතාවක්ම කොලඹ ඉද්දි මෙහෙ ඇවිත් තියෙනවා.. ශාධිත්‍ය පිටිපස්සෙන් ගියොත් වෙන්නෙ සන්සුන් කෙසේවෙතත් හිත හොල්මන් වෙන එක....
ඒ නිසා වතිල නිරූපාට කට පුරා හිනාවක් දිලා එයා එක්ක ඇවිදන් ගියා.....
"නිරූපා කලින් ඇවිල්ලා තියෙනවද මෙහෙට... "
"එක පාරක් ආවා... හස්බන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් වෙලා හිටිය කාලෙ... ඒ කාලෙ නං ඉතිං පණ දෙන්න හිටියෙ... මිනිස්සු කියන්නෙ හරි සංකීර්ණ ජාතියක් ..... කාලයක් යනවා තේරුම් ගන්න..."
වතිල නිරූපා දිහා බැලුවෙ පුදුමෙන්..
විකාරකාරියෙක් කියලා හිතුණ නිරූපා ඔහොම කතාවක් කියයි කියලා වතිලට හිතුණෙම නෑ...