"තමුසෙ මොනවද අර මිනිහා එක්ක තුරුල් වෙලා කලේ...තමුසෙ මට යන්න කලින් කියලා ගියාද.... "
වතිල මූණත් බෙරි කරන් ශාධිත්යට හේත්තු වුණා...
"ඉතිං එහෙම කියන්න කියලා කීවෙ නෑනෙ... බනින්නෙපා.... අද මට දුක හිතුණා...මම බිව්වා..... තමුසෙ මාව ගණන් ගන්නෙත් නෑනෙ..මොකටද දැන් අහන්නෙ....මම තුරුල් වෙලා නෙවේ කොහොම හිටියත්"
ශාධිත්ය වතිලගෙ උරහිස් වලින් අල්ලගෙන කෙලින්ම ඇස් දිහා බැලුවා...
"මතක තියාගන්නවා....හයවෙනි නීතිය.....
මාත් එක්ක ඉන්නකන් කිසිම මනුස්සයෙක්ව හරි ගෑනියෙක්ව හරි යාළුකමට එහා ආශ්රය කරන්න බෑ....එහෙම කරොත් ඩීල් එක ඉවරයි...තේරුණාද...."වතිල ඔලුව වැනුවේ නොරිස්සුමෙන්....
මොන වදයක්ද ....මේ පාන් කියාගන්න බැරුව ඉදිද්දිත් මොන නීතිද.....ශාධිත්ය වතිලව ඇදගෙන නවත්තලා තිබ්බ කාර් එකක් ළගටම ආවා....
"මේක කාගෙද....."
"මගේ මගේ...කෝ ඇතුලට යනවා.....ආයෙ වැටෙනවා ඉතිං දැන් බිමට....කෝ නගින්න...."
වතිල ශාධිත්ය දොර ඇරපු කාර් එකට නැගලා හරි බරි ගැහිලා ඉදගත්තා...
"සිනාසෙන්න නොහැකී නම්.....මට හඩන්නට....නුඹ ළගමයි හැමදාමත් කැමති ඉන්නට....."
වතිල ඔලුවත් වන වන කිසි තාලයක් නැතුව කියවද්දි ශාධිත්ය කන් දෙකත් අකුලගෙන ඩ්රයිවින් සීට් එකට නැග්ගෙ මේ මිනිහා කීයට කටවහගනීද කියලා හිතාගන්න බැරුව වගේ බැල්මකින් ........
"සීට් බෙල්ට් එක දාගන්න වතිල...."
වතිලට ඇහිච්ච පාටක් නෑ.....
"මතකයන් ඔබේ.....හිතේ තබාගෙන....දුක් විදිනා මම ඔබගේ...පළමු පෙම්වතා......."
ශාධිත්ය ඔරවලා ගොරවලා ශීට් එකෙන් නැගිටලා කොන්දත් නවාගෙන වතිලගෙ ශීට් බෙල්ට් එක දැම්මෙ අදාල මනුස්සයා දාගන්නකං හිටියොත් යන්න වෙන්නෙ හෙට නිසා....
"අනිත් වෙලාවට මහ ලොක්කා වුණාට බීවම පොඩි එකෙක් වගේනෙ තමුසෙ...."
ශාධිත්යගෙ අත වතිලගෙ කොණ්ඩේ ළාවට පිරිමැද්දා.....
"කියුට්......අලබෝලෙ..."