වතිල පහුවෙනිදා උදේම නැගිටලා කුස්සියට ගිහින් දොර ගාව හිටගත්තෙ අත් දෙකත් බැදගෙන....
අද දවසත් නිවාඩු... හෙට ඉදලවත් ආයෙ ෆැක්ටරිය පැත්තෙ යන්න ඕනේ..
වතිල හිතුවා...මේ ගෙදර බංගලාවට වඩා වෙනස්... වතිල කොලඹ ජීවත් වුණු ලක්සරි අපාර්ට්මන්ට් එකටත් වඩා වෙනස්...
මේක පොඩි ගෙයක්... හැබැයි සුවපහසුයි.... ඉඩ තියෙනවා...ශාධිත්‍ය නිදි... ඊයෙ වැස්සට තෙමිලා එයාට හොදටම හෙම්බිරිස්සාව..
ඒ නිසා තමා වතිල එයාට කලින් ඇහැරලා ආවෙ...
ශාධිත්‍යගෙ කාමරේට ගිහින් වතිල
එයාගෙ නළලත් අතගාලා බලලා උණ නෑ නේද කියලා සැක හැරලා දැනගෙන තමා ආවෙ...
පහන්‍යාට නං අවුලක් නෑ... එයා වතිලට එහා පැත්තෙ මුළු රෑම සනීපෙට නිදාගත්තා...එයා තමා මෙහෙට ආවට වැඩිපුරම සතුටු වෙන්න ඇත්තෙ....
ඩැඩියි අප්පායි දෙන්නම ඉන්නවා කියලා ඊයෙ රෑ අත්පුඩි ගගහා නැටුවත් එක්ක....
ඔක්කොම ඇඩිලි , පැමිණිලි කෙරිලි ඉවරයි......පහන්‍යාගෙ සතුට දැක්කම වතිලගෙ හිතේ තිබ නොමනාපේ නැතිවුණා...
බංගලාවෙ කට්ටිය හැමදාම වෙන වෙනමනෙ ඉන්නෙ... පහන්‍යා එක්කො නිහාරි එක්ක... නැත්තං වැඩිපුර කාමරේ....
ඒත් මේ ගෙදර ඇතුලෙ දුව පනින්න ,කෑ ගහන්න අවස්ථාව තියෙනවා... තහංචි දාන්න , විනීතව හැසිරෙන්න,ගෑනු ළමයෙක් වගේ ඉන්න කියන්න කවුරුත් නෑ....
ඉතිං පහන්‍යා සතුටින්...අනික් දේ තමා වතිලට දැනුනා ශාධිත්‍ය එයාට කිට්ටු වෙලා වගේ ....
ෆෝන් එකෙන් මැසේජ් වලින් ශාධිත්‍ය හරි දුරස්ථ වුණත් ඇත්තටම කතා කරන කොට එයා ටිකක් වෙනස්...
වචන නං වෙලාවකට සැරයි තමා..
ඒත් එයාගෙ ඇස් වල ඒ සැර නැහැ...ඉතිං වතිලට හිත යටින් සතුටක් නොදැනුනාම නෙවෙයි...
ඒත් එයා මේ ගෙදර ඉන්නවනං පිනට ඉන්න යන්නෙ නෑ.......
කොහොමහරි රෙන්ට් එක ගෙවන්න ක්‍රමයක් හොයාගන්නවා...වතිල කුස්සිය ඇතුලට ගිහින් වටපිට බැලුවා....
ඕන කරන හැමදේම තියෙනවා...."සුප් එකක්නෙ... එච්චර අමාරු වෙන්න බැරි නෑ මං හිතන්නෙ.... ශාධිත්‍යට පුලුවන් නං මට බැරිවෙන්න හේතුවක් නෑනෙ..... වැඩේට බහිමු...."