අතීතය❤️
මාසයක් විතර ගතවෙලා ගියේ ඉස්කෝලෙ ඉගැන්වීම් ම වැඩිපුර සිද්ධ වෙද්දි....ඕලෙවල් ළංවුණු නිසා අපූර්ව පාඩම් කරන්න වැඩි කාලයක් වැය කරා....
වතිල නං ඒ ලෙවල් ගැන වගේ වගක් නෑ...ඔහේ නෙහාන්ලා එක්ක පිස්සු නට නට හිටියා.....
සමහර විට එයා තාත්තට එයාගෙ මුරණ්ඩුකම පෙන්නුවෙ එහෙම වෙන්නත් ඇති....අපූර්ව කොච්චර කීවත් විභාගෙට මහන්සි වෙන්න කියලා වතිල එවලෙට ඔලුව වනනවා විතරයි... අපූර්ව කියන දෙයක් අහන්නෙත් නෑ...එයාටත් සැර දාන්න එනවා විතරයි...
ඔය වගේ පුංචි පුංචි ප්‍රශ්න තිබ්බත් දෙන්නම ගොඩක් සතුටින් හිටියා.... වතිල හැමදාම හවසට අපූර්ව ව ගෙදරට ඇරලවනවා...
දෙන්නා එකට ඇවිදින්න යනවා....
පුලුවන් හැම වෙලාවෙම ආදරේ විදිනවා...එක වචනෙකින් හරි...වතිලයි අපූර්වයි එකට ගත කරන කාලෙ වැඩි වෙන්න වැඩි වෙන්න නෙහාන් තමන් දිහා අමුතුවට බලනවා කියලා අපූර්ව ට තේරුණත් එයා නොදැක්කා වගේ හිට්යා...
වතිලගෙයි අපූර්වගෙයි ඉස්සර තිබ්බ මග හරින ගතිය දැන් නෑ කියලා නෙහාන්ට තේරෙන්න ඇති....
වතිල යාළුවට කැමති දෙයක් කියන්නෙ නැතෑ කියලා හිතලා අපූර්ව වතිලට ඒ ගැන මුකුත් කීවෙත් නෑ... අනික ඒ දෙන්නා හුගක් කල් ඉදලා අදුරන දෙන්නෙක් නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා අපූර්ව හිතුවා...ඒත් අපූර්ව වැරදියි....
එයා නෙහාන්ව සුළුවට තකලා තිබ්බා...ඒකට හේතු වුණේ දවසක් අපූර්ව ඉස්කෝලෙ ෆ්‍රී පීරියඩ් එකකදි ඩ්‍රාමා මිස් ගෙ පණිවිඩේකට යමින් ගමන් ඉන්නකොට එයාට ඇහුණු දෙයක්....
අපූර්ව හදිස්සියේ ම එයාගෙ නම කොහෙන්දෝ කියනවා ඇහිලා එක පාරට නතර වුණා.... ඒත් අපූර්ව දැක්ක ගමන් ඒ ළමයි දෙන්නා කිය කිය හිටපු දේ නතර කරා...අපූර්ව ඒත් ගණන් නොගෙන ආපු ගමන යන්න ගියත් ඊට දවස් දෙකකට පස්සෙ ආයෙත් අහම්බෙන් එයාට
එයාගෙම නම කියනවා ඇහුණේ අපූර්වගෙම පන්තියේ ළමයෙක්...."ඔව් ඔව් බං...අර ආට් එකේ නෙහාන් අයියා කීවෙ... මං හිතුවෙ නෑ හැබැයි.. අපූර්ව ඒ වගේ කියලා... එයා දිහා බැලුවම එහෙම පේන්නෑනෙ...එයා හැන්ඩියනෙ..."