පහුවෙනිදා උදේ වතිල දූව ස්කූල් යන්න ඇහැරවද්දි වෙනදා වගේ වද නොකර පහන්‍යා එහෙමම නැගිට්ටා...
වතිලට පුදුමයි....ඒත් මුකුත් කියන්න ගියේ නැත්තෙ පහන්‍යා තාමත් ටිකක් මලානික වෙලා හිටිය නිසා.....
හරියට රොහානි රට ගියපු මුල් දවස් වල වගේ..."ඩැඩී.... මමී වගේ අප්පත් මාව දාලා යන එකක් නෑ නේද....."
පහන්‍යා ශාධිත්‍යට දිගටම අප්පා කියලා කියද්දි වතිලට එහෙම කියන්න එපා කියන්න හිත දුන්නෙ නෑ... කෙල්ලගෙ හිත රිදෙව්වා හොදටම ඇති....
වතිල එහෙම හිතුවා...."එයා තරහා නෑ පුතේ... ඊයෙ එයා ගෙදර යන්න ඕන නිසානෙ ගියේ...දැන් දත් මැදලා ඉවර කරන්නකො....
වතිල බාත්රූම් එකෙන් එළියට ගිහින් බිත්තියට හේත්තු වෙලා හුස්මක් ගත්තා......
දරුවව එයාලගෙ ප්‍රශ්න වලට පටල ගත්ත එක වැරදියි තමා...ශාධිත්‍යගෙ හිතත් නොරිදවා ඉන්න තිබ්බා තමා..ඒත් මේ පහුගිය මාස කීපෙම ශාධිත්‍ය කියපු සමහර පිහිතුඩු වගේ වචන....
වතිල දවස් කීයක් ඒ වචන වලට හිත රිද්දගත්තද....කදුළු හංගගත්තද...
ඒත් හැමෝටම පේන්නෙ ශාධිත්‍යගෙ හිත් වේදනා විතරද.....
පන්සිළුත් කියන්නෙ ඉවසන්නලු...
පහන්‍යාටත් නපුරු වෙලා තියෙන්නෙ වතිලව.....වතිල ඔලුව වනලා තමන් ගැනම දැනුනු ආත්මානුකම්පාව හිත පතුලටම දැම්මා....
කොහොමහරි වතිල එයත් ලෑස්ති වෙලා පහන්‍යාවත් ලෑස්ති කරගෙන ගෙදරින් පිටත් වුණා....
හැමදාම වගේ එදත් හරි ලස්සන උදේ වරුවක් .....
ඒ නිස්කලංක වටාපිටාව වතිලගෙ හිත ටිකක් සන්සුන් කලා...වතිලයි පහන්‍යායි ඉස්කෝලෙ ළගින් බැහැලා ගේට්ටුව ළගට එද්දි භාතිය ඉන්නවා හිටගෙන.....
"භාතිය මොකෝ මෙතන......?? "
වතිල ඇහුවෙ භාතියගෙ හිනාවට පිළිතුරු හිනාවක් එක්ක.....
ඉස්සර නං මේ කොල්ලා බෙහෙතකටවත් හිනාවෙන්නෑ... ඊයෙ ඇතිවෙච්ච හිතවත්කම නිසා වෙන්න ඇති....මූ හිනාවෙනකොට හෙණ ලස්සනයිනෙ... පොඩි ළමයෙක් වගේ..
වතිලට හිතුණා..."අද මම ඩිලිවරි බෝයි... ලක්ෂ්මියි මේ පුංචි සුරංගනාවියි එනකන් හිටියෙ..."