අතීතය ❤️
දවස් එකක්...දෙකක්...තුනක් සතියක්...දෙකක්...මාසයක් ගත වෙලා ගියා....අඹ මල් ඔක්කොම හැලිලා ගිහින් පුංචි පුංචි අඹ ගැට අඹ ගහේ පෙනෙන්න පටන් ගත්තා...
වාරේ අගට ළං වුණා......වාර විභාග තිබ්බා ....... හැමදාම පන්තියේ පළවෙනියා වුණු අපූර්ව මේ පාර හතරවෙනියා වෙලා තිබුණා...
සමහර විට අපූර්ව හිරවෙලා හිටිය හීනෙන් නැගිට්ටෙ එතකොට වෙන්න ඇති......
ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකට යන එක අපූර්ව නැවැත්තුවා....එයාට ඕනෙ වුණේ නෑ සින්නදොරේ කාව්‍යා එක්ක කතා කර කර ඉන්නවා දකින්න.....
එයා පුලුවන් තරං සින්නදොරේව මග හැරියා...කවුරුත් අපූර්ව ගෙ වෙනස දැක්කෙ නෑ....සින්නදොරේගෙ යාළුවා නෙහාන් ඇරෙන්න....... අපූර්ව වතිලයි කාව්‍යායි දිහා බලදිදි නෙහාන් හිතුවෙ අපූර්ව කාව්‍යා නැතිවුණු එක ගැන දුකෙන් කියලා....
ඉතිං නෙහාන් අපූර්ව දකින දකින ගාණට එයාට විහිලු කරා...."ඔන්න එනවා අපේ සත්‍ය ප්‍රේම භෘංගරාජයා..."
"අයින් වෙන්න අයින් වෙන්න...ඔන්න රෝමියෝ එනවා....."
නෙහාන් ට ඕනෙ වුණේ සින්නදොරේගෙ අවධානෙද කියලත් වෙලාවකට හිතුණා.....මොකද නෙහාන් අපූර්ව ට මොනවාහරි කට කැඩිච්ච කතාවක් කියන හැම වෙලාවකම සින්නදොරේත් ළගපාත හිටියා.....
ඇත්ත දැන දැනම සින්නදොරේත් නෙහාන් එක්ක අපූර්වට හිනාවෙන කොට අපූර්ව ට තව තව කලකිරෙනවා දැනුනා..."මුහුදෙ තව මාළු ඉන්නවනෙ බං...ඔය කෙල්ලම ඕනෙ කියලා එකක් නෑනෙ"
පන්සිළු කීවෙත් අපූර්ව කාව්‍යා ගැන හිතනවා කියලා හිතාගෙන.....
කවුරුත් ඊට එහා මොනවා හිතන්නද?? අපූර්වත් කොල්ලෙක්...
වතිලත් කොල්ලෙක්....දෙවනි වාර නිවාඩුව හම්බවෙද්දි ජීවිතේ පලවෙනි වතාවට අපූර්ව නිවාඩු කාලෙට වෛර කරන්න ගත්තා...
නිවාඩු කාලෙ කියන්නෙ අපූර්ව වෙනදට වැඩිපුරම බංගලාවට යන කාලෙ....ඒ කාලෙ බංගලාවෙ තියෙන පොඩි පොඩිවැඩ කරන්න එකතු වුණාම මාසෙ ඉවරවෙද්දි අපූර්ව අතට රුපියල් දෙතුන් දාහක් එනවා....
ඉස්කෝලෙ ඊලග වාරෙට ඕනෙ බඩු ගන්න ඒ සල්ලි ඇති..