"ප්ලීස් එක පාරක්.." ඒ ඇස් කලබලෙන් ..
"ජස්ට් ලීව් මී අලෝන් විදත් " සියුම් කටහඩ කාර් එක පුරා ගියෙ හරිම සන්සුන් විදිහට..
"මුලින් තමුසෙ මාව රිජෙක්ට් කරන්න හේතුව කියපන් රෙද්ද ! "
"හේතුව...ඔයා දන්නවා.." ඒක දිග හුස්මක් ...
"මම දන්න මගුලක් තියෙනවානම් මෙහෙම පස්සෙන් එනවද ? "
"දැන් යන්න..මට ඔෆිස් යන්න ඕනි.."
"තමුසෙ මට කැමතියි කියන්න එක මට තේරෙනවා..අහනවා මේක මොන වගේ හැගීමක්ද කියන්න රෙද්ද මම දන්නෙ නෑ ඕයි..
මට හෙන අමුතුයි තමුසෙව දැක්කම.."කෙල්ලෙක්ගෙන් රිජෙක්ට් වෙලා නැති නිසාමදෝ කොල්ලට මේකට සෑහෙන්න අවුල්..
"විදත් මේක අහන්න, මම මැරි කරපු කෙල්ලෙක් කියන්න ඔයා දන්නවා ! ආයෙ ආයෙ මේක කියන එක අපි දෙන්නටම වදයක් ! "
"මම ඒක දැනගෙන තමයි තමුසෙට ආදරේ කරන්නෙ.."
"ඒක ආදරේ කියලම ඔයා කොහොමද කියන්නෙ.."
"අහනවා..මම ඒක එහෙම කියනවනම් ඒක එහෙම තමයි ! "
විනාඩියක් ! විනාඩි දෙකක් ! පණ්ඩිතකමට කිව්වට ,කියපු දේට කෙල්ලෙගෙන් රියැක්ෂන් එක නොලැබුණ නිසාදෝ ඒ කලබල ඇස් , පියවගන්න කියලා ඇස් පිහාටු වල සන් කලේ සීට් එකට හේත්තු වෙන්න කියලා ඔලුවටත් සයින් එක දීගෙනම..
"මට ඔයා කියන දේවල් තේරෙන්නෙ නැ තේරුම් ගන්න ඕනෙත් නැහැ..මේ දේවල් වැරදියි මම දන්නෙ එච්චරයි "
ඩොග්..දොර වැහුවෙනම් හිමීට කියලා ශුවර්.. මොකද ලෙඩා කලබල වුණාට ඩොක්ට කලබල නෑ කියන්න එයා දන්නවා..එකෝ එක මුළු කාර් එක පුරාම යද්දි හුලගත් එක්ක හුස්ම හැප්පෙනවා එයාට ඇහෙනවා ..
ඒ හුස්ම සරලයි..එයා වගේමයි..ගැඹුරු තැන් භයානකයි වගේම ගැඹුරු හුස්ම සංකීර්ණයි..
ඒක එයා හිතන විදිහ !විදත් හංසනාදිත්ය..සංකීර්ණ ලෝකෙක සැරිසරන සරල ආත්මක් ! එයා එයාව නිර්වචනය කලේ එහෙම ,
"Make Me Sweat..Make me hotter..
Make me loose my breath..
Make me water..! "ටයිලා සින්දුව කියන්න පටන් අරන් සෑහෙන්න වෙලා වුණත් නවත්තගන්න කනට තියාගන්ම එපැයි !
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-