MEEN - 35 🐬

515 69 110
                                    

"මොනවද දැන් හදන්නේ ?"

ත්‍රිලක්ෂ කබඩ් එක ළඟට යද්දි විදත් එහාට වෙන්න පුටුවෙන් වාඩි වුණා...

"මොනවද ඕනේ...?"

"කිරිබත්..."
කොල්ලා කිව්වේ පැනපු ගමන් වගේ..

"කිරිබත්..? මේ වෙලාවේ?"

"ඇයි? හොඳ නැද්ද ?

"නෑ හොඳයි..කිරිදත් වලට හරියන්නෙ කොහොමත් කිරිබත් තමයි..."

"ඒවා කිරිදත් නෙමෙයි!!"

ත්‍රිලක්ෂ හිනාවෙද්දි විදත් ආපස්සට කිව්වේ ආයෙ සද්දෙටම..කොහොමත් ඒ මාතෘකාව සම්බන්ධව එයාගෙ වැඩි කැමැත්තක් නැහැනේ..

"ඒක එහෙම තමයි කියන්න මට ඔප්පු කරන්න පුළුවන්නම්.."

"ඕන්නෑ..!"

ගැම්ම දිය වෙලා නෙමෙයි වාෂ්ප වෙලා යන්නම ත්‍රිලක්ෂගෙ ඒ බැල්ම ඇති..විදත් මූණ ඇඳකරගද්දි ත්‍රිලක්ෂ හිනාවෙන්ම ෆ්‍රිජ් එක ළඟට ගියා...

"ආච්චි අම්මා හොඳින් ඉන්නවද ? මට කෑම හදන හැමවෙලේකම වගේ එයාව මතක් වෙනවා.."

"එයා නැතිවුණා..."

කාලෙකට පස්සෙ ආච්චි අම්මා ගැන මතකයක්..විදත් පුංචි හුස්මක් ගත්තා..

".....මට මුළින්ම කෑමක් හදන්න ඉගැන්නුවේ එයා..."

"ආච්චම්මා...??"

ඒකනම් විදත්ට හිතාගන්න බැරි දෙයක් වුණත් වෙලා තියන දේවල් එක්ක මේ වගේ දේවලුත් නොවී තියෙන්නෙ බැහැ කියන මතෙන් කොල්ලා ඒ පුදුමය සංසිදවගත්තා..

"ඔව්...
ඒත් මට තාම බැරි වුණා ඒ රසට හදන්න..."

විදත්ට අදාළ කරුණු ඉක්මනට පැහැදිලි වුණා...

"අනික් දවසෙ කෑලි කපන්න.."

"ඒ දවස්වලනම් හදිස්සියට හැඳුවේ..."

"අවුලක් නෑ..ඒත් සැරයි..."

"ඒ වුණාට එක්ස්ට්‍රා ස්පයිසි හාහ්?!!"

කොල්ලගෙ කට වැහෙන නෝන්ඩියකුත් එක්ක අවශ්‍ය අමුද්‍රව්‍යත් අරන් ත්‍රිලක්ෂ එහාට ගියා...පාන්දර එකේ කණිසමට මේ වගේ තැනක ඉන්නවා කියන එක විදත්ට අමුතු හැඟීමක් වුණත් මොකක්දෝ මන්දා දෙයක් නිසා එයා ඒ හැඟීමට ආස කළා...
කෙනෙක් එයා වෙනුවෙන් කෑමක් හදනවා කියන එක එයාට සොඳුරු හැඟීමක් වුණා..
සමහරක්විට ලාවට මත් ගතියට මැදියමට ඒ හැඟීම් සාන්ද්‍රණය වැඩි වෙන්න ඇති...ඊටත් ආදරණීය සූපවේදියෙක් ළඟ...

මීන් | MEEN Where stories live. Discover now