"බුදුසරණයි අප්පච්චි.."
ශබ්දකෝශෙ පහසුවෙන් භාවිතා නොවෙන වචනයක් අප්පච්චිට වුණාම විදත් ද්විපාර්ශවීය සන්නිවේදනය රතු සලකුණ උඩට ඇඟිල්ල තද කළේ අනික් අතට ලොකු හුස්මක් අරගෙන....
දේශ සීමාවකින් එහා හැතැම්ම ගාණක් දුර මහ සාගරේකින් ඈත හිටියට මොකද අප්පච්චිගෙ පුරුදු කතාවනම් ඒ වගේමයි..
සරලයි..සෞම්‍යයි...කාලෙකට පස්සෙ මහ ගෙදර පුරුදු ලෙංගතු කමක් නිසාදෝ වටපිටාවේ ඉදන්ම තිබුණේ පිරුණ ගතියක්...මහ ගෙදරක් කියන්නෙ නිකම් බිත්ති හතරක් නෙමෙයි...කාලෙකට එක්වුණ කාලෙකට වෙන්වුණ දුක සතුට හැම හැඟීමක්ම බෙදාගත්ත පරම්පරා ගාණක මතක පිරුණ හරි පුදුමාකාර තැනක්...කාලය ගෙවෙනවත් එක්ක සමහර දේවල් වෙනස් වුණත් සීයා තාත්තගෙ පුරුදු ආගන්තුක සත්කාරනම් සේරටම වඩා ඉහළින්...
එක අතකින් ඒ හිතට සතුටු ඇති..පුංචි මොහොතකට හරි එයා මේ ලෝකෙ තනිවෙලා නෑ කියන හැඟීම දැනෙනවා ඇති...විදත් ආච්චි අම්මාගෙ මුණුපුරා වෙද්දි කැමීලියා සීයාගෙ මිණිපිරි වුණා..
එයා වඩා ඒ දෙන්නා අතර තිබුණෙ හරි නිදහසේ ගලන් යන ආදරණීය බැඳීමක්..
රැලි වැටුණ හමට ගිළුණ ඇස් සුදු වුණ කෙස්..නොදැකපු කාලෙට සීයා තව වයසට ගිහින්ද කොහෙද..."කෝ සිද්ධාර්ථ් පුතා ආවේ නැද්ද?"
පිඟන් මේසෙට අහුරන ගමන් සීයා වැදගත්ම කරුණට අවතීර්ණ වුණේ විදත් කෑම මේසෙන් වාඩිවෙද්දිම වගේ..දැන් දීපන්කො ඉතින් උත්තර...
"ඉන්න මං කතා කරන් එන්නම්...ගෙස්ට් රූම් එකේ නේද ඉන්නේ.."
නම කිව්වත් ඇති ඉතින් කැමීලියාට..
"නෑ...ලොකූගේ රූම් එකේ.."
"මො-මොකක්?!! අපේ මේ අදින්නපුබ්බක රූම් එක බෙදාගත්තා..!!"
ඒකනම් ආයේ විදත්ට අතිවිශාලම නෝන්ඩියක්!
"ඒක තමයි මේ මටත් හිතාගන්න බැරි...
කැම්පස් ගියාට පස්සෙ වෙනස් වෙලා කොල්ලා.. "ඒ ගැන නෝ කතා වෙද්දි විදත් හිමීට වගේ වතුර වීදුරුවක් පුරවලා ගත්තෙ දිල් ඇස් හීනි කරගද්දි...ඒ ඇස් හීනි වෙන්නනම් නිකම් නෙමෙයි...
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-