වෙනදට අතට හම්බෙන මල් පොකුරු අද ඔහේ මේසෙ උඩකට වෙලා..වෙනදට ඇහෙන සුභ පැතුම් වචනෙත් එක්ක අද අලුත් වචනෙ සුව පැතුමුත් එකතු වෙලා..ඔව් ඉතින් ජයග්රාහි රෝගියෙක්ට සුභ පැතුම් එක්ක සුවපැතුම් නැතුව වෙන මොනවා කියන්නද...? ඒත් අදාළ අයටනම් සුවපැතුම් හරි මදිකමක්නේ..ඒකත් නිකම් නෙමේ අහංකාර උල්පත් වලට..සෑහෙන මදිකමක්..!!ඒ හැමදේමත් හරි.. හැබැයි වාරණ නීති එක්ක හොස්පිට්ල් රූම් එකකට වෙලා හිරවෙලා ඉන්න එක..ආහ්හ් ඒක තමයි ලොකුම පීඩාව !! ඒකත් නිකම් පීඩාවක් නෙමෙයි හුදෙකලාව ගැන මිහිරි පීඩාවක් කිව්වොත් තව හරි...
හෝරා ගාණක ඉදලා විදත් ඉන්නෙ ගැළවෙන්න බැරි දුර්ලභ සමුද්‍ර මායාවකට අහුවෙලා කිව්වොත් හරි..ඒ ඇස් ස්ක්‍රීන් එකෙන් අහකට යන්නෙ නැතිම තරම්..ජීවිතේ පළවෙනි වතාවට ප්‍රතිවාදියෙක් ගැන මෙච්චර උනන්දුවක්..? ඔව් ඉතින් උන්නදු නොවී පුළුවන්ද ඒ ප්‍රතිවාදියා අසාමාන්‍ය මත්ස්‍ය ප්‍රතිවාදියෙක් වුණාම..ඒ ඩොල්ෆින්..!අහම්බෙන් මතුවුණ පුදුමාකාර මත්ස්‍ය අහඹුව...අවසන් කැමැත්ත අවසාන නොකරපු අභියෝගාත්මක අහම්බය..ඉන්දියන් සාගරයෙන් මතුවුණ පුදුමාකාර මත්ස්‍ය අහඹුව..ඒ හැගීම එයා නිර්වචනය කළේ එහෙම..ඔව්! විදත් පිළිගන්නම ඕනි ඒක තමයි ඒ ඇස් දෙක දැකපු ලස්සනම අහම්බය කියන්න..වෙනදට සර්ෆ් බෝඩ් එක ,ස්කිල්ස් , අඩුපාඩු දිහා බැලුව එයාගෙ ඇස් දැන් නම් කලබලෙන් හොයන්නෙම දඟකාර ඩොල්ෆින්ව..ඒ මොහොත එයාට මේ තරම්ම දැනෙන්න සමහරවිට ඒ මායව හදවත පතුලෙම අලුත් පණක් උපද්දන්න ඇති..
"!!!! "
දැහැන බිදුණෙත් ෆෝන් එකෙන් ඇස් අහකට ගියෙත් දොරට ගහන සද්දෙත් එක්ක..වෙලාව නම් එකොළහට ළගයි..
අනිවාර්යයෙන්ම මේඝ හරි දිල් හරි වෙන්න ඕනි.."එක්ස්කියුස්මී..."
ඒ සතුටින්ම ඇද විට්ටමට හේත්තු වෙලා දොර දිහා බැලුණත් හරි විදත්ගෙ නළල රැළි වුණේ දොර ළග හිටන් ඉන්න ගෑනු ළමයා දැකලා..ගෑනු ළමයෙක් වුණත් හරි..ඒත් මේ නම් කොහෙත්ම බලාපොරොත්තු නොවුණ කෙනෙක්..
දිල්ගෙ නංගි!! කෙල්ලගෙ අතේ තිබුණෙ ලස්සන දම් පාට මල් බොකේ එකක්..
කොට කොණ්ඩෙත් එක්ක සුදු පාට ගවුමට ඒක ලස්සනට මැච් වුණා..ඒ දිග ඇස් පිහාටු තියන ඇස්නම් රියානා වගේමයි කියලයි විදත්ට මොහොතකට හිතුණේ..
ඒත්- ඒ ගැන කතා කරලා වැඩක් නෑ !!
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-