.
.
.
.
."මං නම් කියන්නෙ මිලාන් මහත්තයා චූටි බේබි විහින් ඔය කරදර දාගත්තෙ..ගෑනු ළමයෙක් කරන වැඩද මේ...!"
කැමීලියා කලිසම දණහිස ළඟට කරන ගමන් කකුල ස්ටූල් එකින් තියද්දි ශ්‍රියා අම්මා ඇනුම් පදෙන්ම කකුල තවන්න ගත්තා...
"ආව්හ්...රිදෙනවා ශ්‍රියා අම්මා..!" වේදනාවට ඇස් ඇකිලුණේ ආපස්සට තොල් තද වෙලා...
"දෙයියනේ එතන ඉදිමිලානේ..ඉන්නකො බේබි මං වෙනිවැල්ගැට ටිකක් තම්බන්නම්..."
"පුළුන් තියනවනම් අරන් එන්න ශ්‍රියා අම්මා.."
"හරි මහත්තයා..."
මිලාන්ට කියාගෙන ශ්‍රියා අම්මා වතුර බේසමත් අරගෙන යන්න හැරුණා...
ස්ටූල් එකින් අනික් කකුලත් තියලා කැමීලියා සෝෆා එකට හේත්තු වුණේ පරිස්සමට...නුහුරට වැටුණ නිසාමදෝ දම් කකුල දණහිස යටට වෙන්න ලොකු ඉදිමුමක්..."සොරි..බිෂොප් මෙහෙම කවදාවත් කරලා නෑ..."
"ඒක බිෂොප්ගෙ වැරැද්දක් නෙමේ..මමයි පරිස්සම් වුන්නැත්තේ..."
"කළේ පණ්ඩිත වැඩක් තමයි...ඒ වුණාට බිෂොප් එවෙලෙ පැනික් වෙනවා මං දැක්කා.."
"ඒක අවුලක් නෑ මේක ඇරිලා යයි.."
"අපි හොස්පිට්ල් එකට යමු..මං විදත්ට කියන්නම්..." මිලාන් පුටුවෙන් නැගිට්ටෙ ඒත් එක්කම වගේ..එකපාරටම මේ සිද්ධ වුණ දේට එයාට ලොකු අවුලක් තිබුණා..
"එහෙම ඕන්නෑ...මේක අඩුවෙයි..."
"අඩුවෙන්නෙ නෑ ළමයො..මේ බලනවා කකුල දම් වෙලා..එතන තැලිලා..."
"තැලෙන්න මං තක්කලි ගෙඩියක්ද?"
කැමීලියා හිනාවුණා..."විහිළු නෙමේ කැමීලියා..මං ඇත්තමටයි කියන්නේ..!"
මිලාන් කවදත් නැති තරම් සංකීර්ණ පෙනුමයි...නොපෙන්නුවට සෑහෙන අවුලක් කොල්ලට මේ ගැන තිබුණා...
"ඉතින් මාත් ඇත්තට කියන්නෙ ලොකු අවුලක් නෑ.." කෙල්ල ෆෝන් එක අතට අරගත්තෙ සාමාන්‍ය ගතියෙන්ම...
"සිරාවමට ඕක පවුලෙ හැටියක්ද ?"
"මොකක්ද ?"
"හැම මඟුලකටම ලොකුකම ඉස්සරහට දාන්නේ..ඔයාම දන්නවා අමාරුයි කියලා..
ඒත් පිළිගන්න කැමති නෑ..."
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-