MEEN - 34 🐬

426 70 130
                                    

ක්‍රිශ්ණජිත් ගෙදරට කාලෙකට පස්සෙ මඟුල් තුලා නැකතක් වැඩ අල්ලලා නිසාදෝ ගේ වටපිටාවේ ඉදන්ම තිබුණෙ අමුතු මිහිරියාවක්..අවට මිහිරියාවට සාම්බ්‍රාණි සුවඳයි පිච්ච මල් සුවඳයි මුහු වෙලා තිබුණේ විෂමජාති නමුත් එක්තරා අකාරය ගැළපෙන සම්මිශ්‍රණයක්..

"දූ....අපි කොණ්ඩෙ කඩමුද ?"

ප්‍රීති අම්මා කණ්නාඩි මේසෙ දිල් ඉස්සරහින් හිටගත්තෙ ලස්සන හිනාවකින්...නැකැත් මාරුවට මණීපූරි සාරියෙන් එයාගෙ තිබුණෙ ඉස්තරම්ම සුදානමක්..

"අම්මා කැමති කොහොමද ?"

කොණ්ඩෙ පීරන ගමන් හිටපු දිල් කොණ්ඩෙ උරහිසෙන් දෙපැත්තට දැම්මම ප්‍රීති අම්මා දිල් අතින් පනාව  අරගත්තා...
දුවක් විවාහ ‍යෝජනාවකට කැමති වෙනවා තරම් සතුටක් කොහෙන්ද ඉතින් අම්මලට...ඊටත් වඩා දිල් වගේ කෙනෙක් කැමති වුණාම ඒ තරම් සතුටක් තිබුණෙ නෑ ප්‍රීති අම්මට...

"කොණ්ඩෙ කඩලා දෙපැත්තෙන් ගොතලා පිච්ච මල් ගහමු...එහෙම ලස්සනයි.."

පිච්ච මල් එක්ක තිබුණ අතීත ගනුදෙනුත් එක්ක ඒක වචනෙනම් දිල්ට සියුම් වේදනාවක්..

"අම්..පිච්ච මල්..ඕනෙමද ?"
කෙල්ල පපුවෙ ක්ෂණික ගැස්ම එහෙමම හංගගත්තා..

"මෙච්චර සුභ දවසක පිච්ච මල් නැතුව කොහොමද?"

ප්‍රීති අම්මා පිච්ච මල් වැල අතට  අරගන්නවා දිල් බලාගෙන..මේතරම් වෙලාවක් අඩුම ඒ දිහා නොබලා ඉන්න දුන්න උත්සහය දන්නෙ එයා විතරයි..

"හා එහෙනම්.."

"මෙරා දිල්..මේ බොහොත් කුශිහූ..
මගෙ මැර කෙල්ල..."
(දූ මේකට කැමති වුණ එකම මට සතුටුයි..)

ප්‍රීති අම්මා කෙල්ලගෙ කොණ්ඩෙ හිමීට ගොත්තන්න ගත්තා..

"මගෙ නපුරිච්චි සතුටින් නේ..එහෙනම් මට ඇති.."

"ඇයි දූ මේකට කැමති නැද්ද?"

"නෑ නෑ මං කැමතියි..මට වඩා කැමති ඉතින් ඔයානේ.."

"මටත් වඩා කැමති දූගේ අප්පා..ඔයා දන්නවද අප්පා කොච්චර බය වෙලාද හිටියෙ කියලා දූට ඒරාෂ්ඨක ලබන්න කලින්  බඳින්න බැරිවෙයි කියලා..ඔයාම මේකට කැමති වුණ නිසා අප්පා ඉන්නෙ හුඟක් සතුටින්..එයාට ඕන වුණේ මේ හැමදේකින්ම නිදහස් වෙලා සැනසීමේ ඉන්න..එයා පව් දූ..ඔයාලා වෙනුවෙන් සෑහෙන මහන්සි වුණා.."

මීන් | MEEN Where stories live. Discover now