MEEN - 12 🐬

415 60 5
                                    

ඔම් ගණපතියේ නමෝ නමහ:
ශී සිද්ධි විනායක නමෝ නමහ :
අෂ්ඨ විනායක නමෝ නමහ:
ගණපති බප්පා මෝරයා. !

භජන් !! නමින් දෙවියන්ගෙ වර්ණනාව..
හැමදාම වගේ අදත් උදේ පාන්දර දිල්ගෙ ගණපති වර්ණනාවෙන් මුලු ගෙදරම පිරිලා..ඒක අහන් ඉන්න ඒ තරම්ම ලස්සන නිසාදෝ දිල්ගෙ අම්මත් පුටුවෙන් ඉදගෙන වැදගෙන ආසාවෙන් අහන් හිටියා..

එයා ප්‍රීති විශ්වපූර්ණ..දිල්ගෙයි මිහිර්ගෙයි ආදරණීය මා..උපතින් ඉන්දියන් නිසාම එයාට තිබුණෙ ලස්සන රූපයක්..දිල්ගෙයි මිහිර්ගෙයි ලස්සන එකතුවක් එයා..
ඒ කොහොම වුණත් දැන් අවුරුදු තිහක් විතර ලංකාවේ හිටිය නිසා අර ලංකාවේ අම්මලගෙ හැම ගතියක්මත් එයාටත් අඩුනැතුව හොදටම පිහිටලා තිබුනා..එයා එයාගෙ ළමයින්ට හින්දියෙන් මා නොකියා සිංහලින් අම්මා කියන්නත් පුරුදු කළෙත් ඒ නිසාමයි..

"දිල් බේටී.."

ප්‍රීති අම්මා කතා කලේ දිල් පූජාව තියලා ඉවර වෙලා නැගිටිනවත් එක්ක..
දරුවො කොයි තරම් ලොකු වෙලාද කියලා හිතෙන්නෙ ඉස්සර එයාලා කරපු දේවල් දරුවො කරනවා දකිද්දි...

"ඕ අම්මා..."

"යහා ආඕ.."

"ඕ අම්මා කියන්න..." දිල් අම්ම ඉස්සරහින් හිටගත්තා..අම්මා උඩ ඉදන් පහළට දිල්ට දුන්නෙ විනිවිද බැල්මක්..
හොර කෙල්ල !

"දූ..
ගාඩ් අංකල් දැකලා මට කිව්වා දූ කැම්පස් එකේදි පිරිමි ළමයෙක්වත් දාගෙන බයික් එකෙන් යනවා....ඒක ඇත්තද.. "

"හා මා.." දිල් අතිශයම සාමන්‍ය විදිහටම ඔලුව වැනුවා..ඒත් ඒ සාමන්‍ය කම තමා ප්‍රීතිට හිතාගන්නම බැරි..

"දූ ! ඇයි එපා කියන වැඩම කරන්නේ..
නිදහස දුන්නට ඕවා කරන්න එපා කියලා තියෙනවා මම....
ඒවා කොල්ලන්ගෙ වැඩනෙ..
අනික කැම්පස් එකේ මොන ගෑනු ළමයද ඔහොම කරන්නෙ.."

"අම්මා ! කොල්ලන්ගෙ වැඩ කෙල්ලන්ගෙ වැඩ කියලා දෙකක් නෑ..." දිල් පුටුව අරන් අම්මා ළගින් ඉදගත්තෙ ඔලුවෙ ටවල් එක කඩලා කොණ්ඩෙ ඉස්සරහට අරගෙන..

"එහෙම වෙන්නෙ කොහොමද ?"

"හරි අම්මගෙ ටොපික් එකට යමු..
හරි දැන් බදින එක ගමු..අහ් ඒක ගෑනු ළමයෙක්ගෙ වැඩක්ද පිරිමි ළමයෙක්ගෙ වැඩක්ද ?"

මීන් | MEEN Where stories live. Discover now