ඇද අයිනට වෙන්න හේත්තු කරලා තියන පැත්තකින් වී එච් (VH) කියලා ගහපු සර්ෆ් බෝඩ් එක...විදත්ගෙ මරීනා..කැපිටල් අකුරින් නමත් එක්ක අංක තිස් හත ගහපු කමිටි ටී ෂර්ට් එක..තුවාල වුණ දකුණු කකුල...ඒ හැමදේම විදත්ට හරි...ඒත් බිත්තියට හේත්තු වෙලා අත් දෙක පපුව මැදට වෙන්න බැදන් එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්න ප්‍රොෆෙසර්..ඒක නම් කොහෙත්ම හරි නෑ !!!
"ඔහොම බලාගෙන ඉන්න එක වදයක් කියලා හිතෙන්නෙ නැද්ද...?"
"........................................"
ප්‍රොෆෙසර් කියන පමාවට පෙන්නුවෙ අතේ තියන ලෙටර් එක..අහ් අන්තිම කැමැත්ත..!"මම ලෑස්ති වෙලා ඇවිත් සයින් කරන්නම්...."
ලියුමක් පෙන්නගෙන මේක මෙතන වදයක් වුණානේ..මේ හු#&* රිදෙනවත් එක්ක එහෙන්...!විදත් හිතින් බැන බැනම බැන්ඩේජ් එක කකුලෙ වටේ එතුවා..
ඔතන ඔතන සැරේට බුරුල් වෙන්නෙ උඩින් ආපහු ලෙහෙන ගමන්..මේ වෙලාවට තමයි කොල්ලට බැන්ඩේජ් එක ඉරලා පොළවෙ ගහන්න හිතෙන්නෙ.."ඕක තව තද කරන්න...."
උපදෙස්නම් එයාට අදාළ නෑනේ..ස්පෙශලි ඩොක්ටල් ලයින් ආයෙ අදාළම නෑ..!
විදත් ඇහුණේ නැති ගාණට හිටියා..
ප්‍රොෆෙසර් ලියුම මේසෙ උඩින් තියලා විදත් ළගට ඇවිත් දණගහගත්තෙ බලාගෙන ඉන්න බැරිම තැන..මේක බැන්ඩේජ් එක ඔතනවා නෙමේ බැන්ඩේජ් එකේ එතෙනවනෙ.."......................................"
ඔහ් ! ඔහ් ! අනපේක්ෂිත විදිහට ප්‍රොෆෙසර් එයා ඉස්සරහ දණගහන්නවත් එක්ක විදත් ටිකක් විතර තිගැස්සුණත් එයා ඒක පිටට නොපෙන්වා ඉන්න උපරිම උත්සහ කළා..දැන් කොහොමහරි ඕනෙ ඔතාගන්නනනෙ..විදත් කකුල එහෙමම තියාගෙන හිටියෙ මේ වෙලාව නිසා..
නැත්තම් නම් එයා කොහොමත් උදව් ගන්න කැමති කෙනෙක් නෙමෙයිනේ...විදත්ගෙ අකමැත්තක් නැති නිසාම ප්‍රොෆෙසර්ත් බැන්ඩ් එජ් එක එතුව තැනින් ලිහන්න ගත්තා..කැපුම් පාර වටේම රතුවට ඉදිමිලා..ඔව් ඉතින් යකඩ පුටු පාරක් වැදුණම ඉදිමෙන්නෙ නැතුව තියෙයිද...ඒකත් එක්ක ප්‍රොෆෙසර්ගෙ ඇස් ගියේ විදත් කොහෙත්ම හිතුවෙවත් නැති තැනකට..
~There is not one right way to ride a wave~
දණහිසේ තියෙන ඒ ටැටූ එක දැක්ක ගමන් ප්‍රොෆෙසර්ට කට කොනින් හිනාවක් ගියේ එකපාරටම...ඒක තත්පරයක විතර පුංචි හිනාවක් වුණත් නුපුරුදු කම නිසාම විදත් ඒක දැක්කා..
හහ් ඇයි මූ හිනාවෙන්නේ..? විදත් බිම පුරා ඇස් ගෙනිච්චෙ කලබලෙන්..
අහ් ටැටූ එක !! දැක්කට පස්සෙ
දැන් ඉතින් වහගන්න කියලද..? ඒ ටැටූ එකට සර්ෆින් මීන් එකක්ම විතරක් නෙමෙයි තියෙන්නේ..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-