"!!!!!!!!!"
පුරුදු වෙලාවට ඇඟට දැනෙන උදේ උණුහුම ඩිලන්ට කොහෙ හංගන්නද..?
කොන්දට දැනුණ අපහසුව එහෙමම තියාගෙන බර වුණ ඇස් පිහාටු දිගෑරලා නිදිගැට කඩන ගමන් ඩිලන් වටපිටට ඇහැ යැව්වේ ලාවට වගේ.."හැමි##!!!"
එයා ළඟටම වෙන්න පෙරේතයා පොළේ ගහලා වගේ ඉන්න මිලාන්..මිලාන්ව බඳාගෙන පිඹුරා වගේ වෙලිලා ඉන්න සාහිල්..පොකිරිස්සා අඩු දිගෑරලා වගේ සාහිල්ගෙ ඇඟ උඩට කකුල් දාන් ඉන්න අනුරාධ්..සෝෆා එක උඩ උඩුබැලි අතට අත පය හතර ගාතේ දාලා ඉන්න විදත්..
කණ්නාඩි දෙක කට උඩ තියාගෙන සද්දෙටම ගොරවන මනුර..ලෙසටම මිතුරො ටික මෙහෙම දකිද්දි කොල්ලට ඊට වඩා වෙන හොඳ වචනයක් කොහෙන්ද..?"ඕයි මිලානයා...නැගිටපන් යකෝ !!"
"ආම්හ්හ්..."
"ඕයි මනුරයා...නැගිටපන්..!
හු## අනුරාධ්....! ඒ විද්දා..සාහිල්...
නැගිටපන් හු###!!!!""මම එන්නැහ්...උඹලා පලයන්.."
මිලාන් නිදිමරගාතෙම වචන ගැටගැහුවා.."මනුරයා නැගිටපන් බං..."
"ඉන්නහ් දීපන්හ් ටොමීහ්..." මනුර කකුල එහාට ගත්තෙ මූණත් එහාට හරවගෙන..
"ඕයි සාහිල්...!!"
"විනාඩි පහයි තාත්තේහ්...." තාත්තට විනාඩි පහ තියලා සාහිල් මිලාන්ව තව බඳාගත්තා...
"ටිකක් ඉන්න ශ්‍රියා අම්මාහ්..."
"නැගිටපන් හු###! "
ඩිලන් අත තදකරලා මිලාන්ට පාරක් ගැහුවේ බැරිම තැන.."මොන හු##ක්ද !" ඒකනම් කොල්ලට රිදුණා නොසෑහෙන්න..
"නැගිටපන් යකෝ...!!"
"මොකද ඕයි....!
මිලාන් නැගිටින්න හැදුවත් කොහෙ නැගිටින්නද ?
"ඒ..එහාට පලයන් සාහිල්..!"
සාහිල් බඩ වටේ අතත් යවලා මිලාන්ව බදන් ඉන්නෙ හස්බන්ඩ් වයිෆ්ව බැක් හග් කරන් සීන් එකේ.."නැගිටපන් මනුරයා !!"
"ආහ්..."
"..............................................................."
"අහ්යෑව් !
උඹලා කොයිවෙලේද බං අපේ ගෙදර ආවේ..?" මනුර කණ්නාඩි දෙක කමිසෙන් පිහන්න ගත්තා..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-