ඕෂන් යුනි එක කියන්නෙ හරි අමුතු රැළි ගහන ලස්සන තැන් වලින් පිරුණු මුහුදක් කිව්වොත් හරි..ස්වභාවධර්මය හැමදේම ලස්සනට ගළපන්නෙත් හරි පුදුමාකාර විදිහට කියන්න යුනි එක සාක්ෂි.."කෝ යකෝ මේකෙ හිටිය ඉස්සා !! "
මිලාන් කෑගැහුවෙ බත් එක එහාට මෙහාට කර කර ඉස්සාව පීර පීර..
ඉස්සා නෑ !!!"මන් දන්නෙ නෑ බන් මූ කන්නැති !"
මේඝ බත් කටක් කෑවා.."උඹද කෑවේ විදත් ?"
"පිස්සුද යකෝ මම නෙමේ.."
"අනේ දෙයියනේ..මගෙ ඉස්සා කාපු එකෙක් ඉන්නවනම් උට හෙණ-
"හරි හරි මමයි කෑවේ.." අපොයි තව ඩිංගෙන් ඉස්සෙක් හින්දා හෙණත් කන්න වෙනවා විදත්ට..
"හහ් මම දැනගත්තා තෝ තමා ඕක කන්නැත්තෙ කියලා..
පෙ-රේතයා.! ""පලයන්.. "
"මේ අනිද්දා ටෙස්ට් එක ! එක කන්ෆර්ම්ලු.."
මේඝ ෆෝන් එක අතට ගත්තා.."මළ මගුලයි ! සිරාවටමද..?" මිලාන්ගෙ මූණ ඇද වුණා.
දැන් ලියපන්කො එක්සෑම් .."ඔව් ඔව් ගෲප් එකේ දාලා තිබ්බා.."
"අනේ හු%#- පාඩම් කරන්නත් තියෙනවා බන් හෙන ගොඩක්.."
"මටත්.. " විදත්ට කොහොමත් තියෙන්න එපැයි..
"මේ ,දැන් අරූගෙ මීටින් එකක් තියනවා එක්සැම් එක ගැන කියන්න..උඹලා එන්නෙ නෑනේ..නේ.."
ඒ කියන අරූව ඊයෙ පෙරේදා ඉදන් කට්ටිය ගනන් ගන්නෙම නෑ.."නෑ උඹ ගිහින් අපිටත් එක්ක අහන් වරෙන්.."
"දිල් උඹ එන්නෙත් නෑනේ.."
මේඝ හැරුණෙ දිල් දිහාට..කන්න ආවේ වෙලෙ ඉදන් දිල්ගෙ මේ අමුතු හැසිරීම ගැන මේඝ මීටරෙන් හිටියේ.."අහ් ?? "
දිල් පියවි සිහියට ආවේ මේඝගෙ කටහඩට.."උඹ එනවද කියලා ඇහුවේ.."
"කො- අහ් නෑ නෑ.."
"ට්‍රැක පැනලද උඹේ..." මිලාන් දිල්ට දුන්නෙ විනිවිද බැල්මක්..
"උඹ හරියට කෑවෙත් නෑ ! මොකක් හරි කේස් එකක්ද ? " මේඝ ඇහුවෙ බැරිම තැන..
"මිහිර් බොසා ඊයෙ ගියානේ ඒකට වෙන්න ඇති..."
"නෑ බන් පිස්සුද ? මට මේ බඩගින්නක් නෑ...."
කෙල්ල ඒ කිව්වෙ *බොරුවක් එහෙම නෙමේ බොරුවක්ම තමයි කියන්න විදත්ටනම් තේරිලා ඉවරයි..
නිකම් නෙමේ අවුරුදු දහයක ඉදලනෙ දිල්ව දන්නේ...
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-