"ලොකු ලයින් එකෙන් හිටියා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑ අයියේ..!!"
"මට පාඩුවෙ ඉන්න දෙනවා ඕයි..."
කේන්තියෙන් වුණත් කිව්වේ ඕනවට එපාවට..මේ ප්‍රශ්න වල කෙලවරක් නෑ...."ඇත්තටම තමුසෙට පාඩුවෙ ඉන්න පුළුවන්ද අයියේ...ආහ්..?!!
හැමදේම දැනගෙන දන්නෙ නෑ වගේ තමුසෙට ඉන්න පුළුවන් ඇති හැබැයි මට බෑ..!! මට මේවට උත්තර ඕනේ..?""..................................................."
හැමවෙලේම මොනවම හරි අල්ලගෙන...
විදත් වීල් චෙයා එකේ පිටිපස්සට හේත්තු වෙලා ඇස් පියාගත්තෙ අත් දෙකින්ම කොණ්ඩෙ උඩට කරලා ලොකු හුස්මක් ගමන්..දැන් නම් ඔලුව පැළෙන්න වගේ..."අනික් එක..
ශ්‍රියා අම්මා මේ මගේ මග් එක නෙමෙයි..! "කෙල්ල ඒ කේන්තියෙන්ම කෑගැහුවත් මග් එක අයින් වුණේ නෑ...
"ශ්‍රියා අ- අම්මී...!!"
කැමීලියාගෙ කටහඬ බාල වුණත් ඒ වචනෙ කනට වැටුණත් හරි විදත්ගෙ පියවුණ ඇස් ඇරුණා..රෝස පාට කම්මුල්.. බෙල්ල මුළට වෙන්න බැඳපු කොණ්ඩෙ..
දිග ගවුම..අවුරුදු ගාණක් පරණ බ්‍රේස්ලට් එක අතේ ඒ විදිහටම..අම්මි වෙනස් වෙලා නෑ පොඩ්ඩක්වත්..."කැමී...දැන් අයියට තමුසෙත් කියන්න පටන් අරන් නේ..." විදාරා තොල් පෙරළුවේ මූණෙ පුංචි හුරතල් හිනාවක් ඇදගෙන..
හරියට පුංචි දරුවෙක්ට බොරුවට සැර කරනවා වගේ.."............................................"
විදත් විතරක් නෙමෙයි කැමීලියත් ඉන්නේ මොනාද කියන්නෙ කියලා හිතාගන්න බැරුව..විදාරාගෙ අනපේක්ෂිත ආගමනය දෙන්නගෙම පපුවට ගෙනාවේ අමුතු උණුසුම් හැඟීමක්..එංගලන්ත තානාපති විදිහට ස්ක්‍රීන් එකකින් දකින අම්මියි..දැන් ඉන්න අම්මියි..ඒ දෙන්නා දෙන්නෙක් කියලා දෙන්නටම දැනෙන්න ගත්තෙ අවුරුදු දෙකක් ගෙවුණත් විදාරාගෙ ඒ හිනාව නිසා..ඔව්..!ඒක එදා විදිහමයි..
හරිම අව්‍යාජයි.."අහ්නේ..මම මග් එක මාරු කරලා නේන්නම්..? ස්පයිඩර් මෑන් පුතාගෙන..
කොහෙද කළු පාට නිසා මට පෙනුණෙ නෑනේ...අහ් එහෙනම් මේක හංසට..මේක ඔයාට...."විදාරා කිසි ගාණක් නැතුව කළු පාට මග් එක විදත් ඉස්සරහින් තිබ්බෙ අළු පාට මග් එක කැමීලියා ඉස්සරහින් තියන ගමන්..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-