"කැහ් කැහ් ! "
"ලොකු බේබි ,
මේ මහත්තයට සිහිය ආවා...!!"ඇති යාන්තම්..සෑහෙන වෙලාවකට පස්සෙයි ශ්‍රියා අම්මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ..
ප්‍රොෆෙසර් ඩී ඩී එහෙමම ඇස් ඇරියේ දැනුණ නුහුරට..ඉන්නෙ බිම දිගා වෙලා කියන්න අතට දැනුණ ටයිල් එකේ හීන් හීතල ඇති..
පිලී ගදයි !! දරාගන්න බැරි තරම් පිලී ගදක් ! ඔව්..ඒ එන්නෙ ඌ ලගින් තමා..ප්‍රොෆෙසර් ඩී ඩී ඔලුව ඉස්සුවේ ශර්ට් එක නහයට ලං කරන් නහයත් අකුලගෙන..පුදුම ගදක් ඒක..ඉන්නෙත් බිම..ඇගත් හොදටම තෙමිලා..ඊටත් හපන් මේ එන පිලී ගද....!!
වෙලාව පාන්දර එකයි..බට්ටා වැදුනා ටීං සද්දෙට කන් පුරවලා..ප්‍රොෆෙසර් ඇස් හැරෙව්වෙ සාලෙ මැද තිබුන ලොකු ඔරලෝසුවට..ආවේ දහයට ඔන්න මෙන්න වෙද්දිනෙ..වෙලාවත් එක්ක දැන් ඉන්නෙ කොහෙද කියන්න අමුතුවෙන් කියන්න දෙයක් නෑ....
"අහ් උඹ නැගිට්ටද? !" පඩිපෙළ බැහැන් ආවේ මදි පාඩුව..
"ශික් !! මහලොකු ඕෂන්ග්‍රොෆි ප්‍රොෆෙසර්..!!
කියන්නෙනම් කොහොමද පැසිෆික් සාගරය අරහෙමයි මෙහෙමයි..
ඒත් පොන්ඩ් එකකට වැටුණත් ඇති..
සිහි නෑ..!""............................"
අපරාදේ දොරේ වදින්න තිබ්බෙ විදත්ගෙ නළල නෙමේ කට !...එතකොට ඔය නළල මැද තියන තඩි ප්ලාස්ටර් එක තියෙන්නෙ කට මැදනේ..
විදත් ඔහේ කියවනවා..ඒත් ප්‍රොෆෙසර් දන්නවා උට අදාළ දේ ඇරෙන්න හැම දෙයක්ම ඔය කටින් පිටවෙනවා කියලා...මිනිහා සාලෙ දොර ලගට ගියේ ශ්‍රියා අම්මවත් පහුකරන්..ශ්‍රියා
අම්මා ප්‍රොෆෙසර් ඩී ඩීට දුන්නෙ විනිවිද බැල්මක්..ඒ බැල්මෙ තිබුණෙ මිනීමරු ලේබලයක්.."මේ දොර ඇරපන්...!!"
හැන්ඩ්ල් එක හතර අතේ කැරකුවත් දොර නෙමේ ඇරුණේ..දොරත් ලොක් කරලා..මුට මොනවද ඕනි වෙලා තියෙන්නෙ..? තවත් මූත් එක්ක ඔට්ටු වෙලා ලැබෙන දෙයක් නෑ කියන්න ප්‍රොෆෙසර් දන්නවා..
"බැන්දෙ ඇයි කියපන්..??"
නිහඩයි..ඒත් එක්ක ඇස් විදත් දිහාවට හැරුණා..එයාට උත්තර දෙන්න උවමනාවක් නෑ කොහෙත්ම..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-