.
.
.
.
.
.
.සුදු පාටත් නැති කහ පාටත් නැති නිලංකාර අහස් නිර්වචනය කරන වැනිලා පාට දවස් ලස්සනයි...ඊටත් ඒ පාට සංකලනය ගාලු අහසට මුහුවුනාම අමුතුම ලස්සනක්..මුහුදු හුළඟ නිසාමදෝ ගාලු පුරුවරේ ඒ නිලංකාර අහස් කවදත් අහංකාර වළාකුළින් බරයි...ඒ වගේ බදාදා දවසක ලෙක්චර්ස් නැති එක වචනයේ පරිසමාප්තියෙන්ම සැනසීම වෙද්දි විදත් දිල් එක්ක දකුණු ඉන්දියාවට සේන්දු වුණේ හිතේ අවුල් ලිහාගන්න කියලා...ටවුන් එකේ පූජා ඉන්දියන් රෙස්ටුරන්ට් එක කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්..ඒ වගේම දිල්කුශි කිව්වමත් ඒ කඩේ නොදන්න කෙනෙක් නැති තරම්....
වචනෙන් දෙකෙන් විදත් සම්පූර්ණ අන්දරයම විස්තර කලාට මොකද කෙල්ලටනම් තිබුණේ ආව වෙලේ ඉදන් අනුභව නැකතක සිහිය...
"මෙන්න මැඩම්ගෙ ඕඩර් එක.."
ගාර්ලික් නාන් එක්ක ස්පයිසි පනීර් එකක් මේසෙට ආවේ විනාඩි පහළවකට විතර පස්සෙ...
"ශුක්රියා බායි..මුජේ ආ කානා බොහොත් පසන් හේ.."
(Thank you අයියේ..මම මේ කෑමට මාර ආසයි..)
"මුජේ කුශී හුයේ මෑම්.."
(My pleasure mam)ඒ සතුටින් වේටර් ගියත් හරි කෙල්ල පැනපු ගමන් එබුණේ කෑම එකට..
"දැන්වත් කියපංකො..."
"බස් රුකෝ...ඉදපං මුලින් මේකෙ රස බලලා ඉන්න ඕනේ..."
අනුභව නැකතෙ පළවෙනි පියවරෙන් කෙල්ල කඩපු කොණ්ඩෙ බෙල්ල මුලට කරලා ගැටගහත්තා...
එතකොටයි විදත් හරියටම දිල්ගෙ කරාබු දැක්කේ..සුපුරුදු පරිදි ඒවා කනටත් වඩා ලොකුයි..මොන ප්රශ්නෙ වුණත් ඔය ලොකු කරාබුයි නළල මැදට වෙන්න තියන පුංචි පොට්ටුවයි දිල් කවදාවත් අමතක කරන්නෙ නෑ කියන්න කොල්ලා මේ අවුරුදු කීපයට ඕනටවත් වඩා දන්නවා...එහෙන් මෙහෙන් කැටයම් බෝමයි..
"ඉන්දියන් කෙල්ලො ෆිගර් එක ගාණට තියන් ඉන්නවා නේ..."
ඒ නම් කොල්ලට කියවුණා...
"ඇයි උඹ දැන් කියන්නෙ මගෙ ෆිගර් එක අවුට් කියලද ?"
දිල් රොටි කැල්ලක් කෑවේ මූණත් ඇඳකරගෙනම..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-