"ලොකු බේබි බලාගෙන...!"
"........................................................"
"අනේ දෙයියනේ මේ ළමයට වෙන වෙලාවක් තිබ්බෙම නෑනේ..!"
"ඔයා හයියෙන් අල්ලගන්නකො ශ්‍රියා අම්මා.." කියවනවා වගේ නෙමේ ශ්‍රියා අම්මා ඉනිමග අතෑරියම..හෙළ ගැඹුරුයි පුත නොබලන්..හෙළවෙනකොට වැල් පාළම...
"හයියෙන් අල්ලගෙන ඉන්නෙ බේබි.."
"මේ හරියෙමයි තිබ්බෙ කියලා ශුවර්ද?"
"ඔව් බේබි සූට් කේස් එක පිටින්ම මම සෝමේට කියලා ඔතනින් තිබ්බා..
ලොකු මහත්තයා තමයි කිව්වේ ඉස්ටෝරු කාමරේට දාන්නයි කියලා..
ඒකේ උවමනා කලමනා තියනවා කියලා සත්තයි මම දන්නෙ නෑ...""ඒක අවුලක් නෑ...
මේ ටික බිමින් තියන්නකෝ..."දැන්නම් විදත්ට තවත් පැහැදිලියි සීයා අප්පච්චි එක්ක කවදත් ලොකුවට හිතවත්කමක් නැති වෙන්න අනිවාර්යයෙන්ම හේතුවක් තියනවමයි කියලා..
"හරි බේබි..."
විදත් එකපිට එක දාපු බේසම් ටිකක් පහළ ශ්‍රියා අම්මට දුන්නා..සරුංගල්.. වෙසක් කූඩු..බයිසිකල්..සෙල්ලම් බඩු.. පුටු..ඇඳන්..මෙට්ට, කොට්ට ස්ටෝ රූම් එක එකී මෙකී නොකී දේවල් ගොඩක්..අවුරුදු හතකට රෙන්ට් එකට ගත්ත ගෙයක් නෙමෙයිනම් ශ්‍රියා අම්මා මේවා අස් කරල හුගක් කල්...
දැන් විනාඩි පහළක් විස්සක් තිස්සෙ මුළු ස්ටෝ රූම් එකම ඇද්දත් උවමනා දේ ඇරෙන්න අනික් හැමදේම හම්බෙද්දි විදත්ට එයාගෙ ගෙස් එක ගැන පවා හිතුණෙ අවිශ්වාසයක්..කෝ මේක ?? බැරිම තැන ආයෙමත් රාක්කෙ තව අයිනක් අස් කරන්න ගත්තෙ ආපිට ඉනෙන් කලිසමත් උස්සගෙන...
"ඒක මොනවගේද...?"
"හරියටම මතක නෑ බේබි..කළු පාටයි..
හතරැස් හුරුබුහුටි සූට් කේස් එකක්..."විදත්ගෙ ඇස් හැමතැනම දුවන්නෙ හරි කලබලෙන්..පුදුම හදිස්සියක් ඒ ඇස් වල තිබුණෙ...
"ලොකු බේබි..."
"ම්ම්..."
"ඇයි මේ කකුල් රතු වෙලා..?"
රැළි වැටුණ ඇස් ඕනම දේවල් දකිනවා හරි ඉක්මනට..
"ආ මේ...මදුරුවො කාලා..."
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-