"මොනවද කන්නේ ?"ත්රිලක්ෂ ඇහුවේ දෙන්නත් එක්කම බීච් එකට මෙහායින් හොටෙල් එක ළඟටම වෙන්න තියන පොඩි පෙට්ටි කඩේ ළඟට ගිහින්...
"අම්- ඕන දෙයක්..."
වඩේ වලින් පටන් ගත්තම ශෝට් ඊට්ස් වෙනකන්ම එක එක ජාතියෙ කෑම ගොඩක්....
"රොටි ?"
"සෙට් නේ..."
වෙලාවත් එක්ක රස්නෙ කෝපි එකක් එක්ක උණුවට රොටියක් හොඳටම ගැළපුනා...
"මල්ලි,අපිට රොටි හතරයි ප්ලේන් ටී එකයි කෝපි එකයි...."
"හරි මහත්තයා..."
ත්රිලක්ෂ ඕඩර් එක දෙද්දි විදත් එහායින් තිබුණ බෙන්ච් එකෙන් ඉඳගත්තා..නවයට ළඟ නිසා එහෙන් මෙහෙන් යන අය ඇරෙන්න ලොකුවට සෙනඟ නෑ මුහුදු සීමාවේ..ඔහේ යන හීතල හුළඟ කාටත් ඉස්සරහින් වුණාම මුහුදට ඇස් යවලා විදත් ෆෝන් එක අරන් මිලාන්ටයි මේඝටයි මැසේජ් එකක් දැම්මේ ලස්සනම බොරුවකින්...පුංචි බොරුවක් කිව්වට එහෙම පව් නෑ!
"හිටගෙන හිටියා කියලා මට වඩා උස යන්නෙ නෑ.." විදත් පුංචි නෝන්ඩියක් දැම්මේ ත්රිලක්ෂට බෙන්ච් එකේ එයා ළඟ හිඩස පෙන්නලා...
"මං උසයි..." ඉස්සුණ ඇහි බැමකින් රතු එළියක් දීගෙනම ත්රිලක්ෂ ළඟට ආවා..
"ඒ ඉස්සර...ස්විමින් නවත්තපු නිසා කොට වෙලා මං හිතන්නේ.."
"ප්රැක්ටිකලි ගත්තොත් එහෙම වෙන්නෙ නෑ...!". එයා දැනුවත්..ත්රිලක්ෂ ඒ ගමන්මයි ළඟින් ඇවිත් ඉඳගත්තෙත්...
"වෙන්න බැරි වුණාට ඔය වෙලා තියෙන්නේ..!! මැනලා බලමුද එහෙනම්?! කීයක් ඔට්ටුද ?"
"ඕන දෙයක්..."
"මම දින්නොත් රිසර්ච් එක කරලා දෙන්න ඕනේ..හරි.."
ගාණට වැඩේ ගොඩදාගන්න එයා ලොකු උත්සහයක.."මම දින්නොත් මේ පාර එක්සෑම් එකට ඒ ගන්න ඕනේ.."
"හහ්!! ඒ ??! " විදත් කැස්ස හිරකරගත්තෙ ඇහුණ හරිද වගේ බැල්මකින්..
"ඇයි ?"
"ගිය පාර මිඩ් එකේ සී ගත්තෙත් පට්ට ගේමක් දීලා...අපිට ඒ කියන්නෙ සෙලවෙන මනස වගේ සර්.." කොල්ලා අන්තිම පේළිය ඇඳලා පැඳලා කිව්වෙ තාලෙට..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-