"Make me sweat
Make me hotter
Make me loose my breath
Make me water ! "රෝද නවතින්නත් කලින් ටයිලගෙ හදිස්සිය..විදත් බයික් එක පාක් කරලා ෆෝන් එක සාක්කුවෙන් අරන් ආපස්සට සයිලන්ට් කළේ ස්ක්‍රීන් එකේ වැටුණ නම අනවශ්‍යම එකක් වෙද්දි...
"මොකක්ද ඕයි ඔය රින්ටෝන් එක..?"
කැමීලියා පළමු අඬහැරය නිකුත් කරන ගමන් බයික් එකෙන් බැස්සා..."තමුසෙට වැඩක් නෑනේ..."
"අසහනේ පේනවා රින්ටෝන් එක ඇහුණම..." කෙල්ල හෙල්මට් එක ගලවලා විදත්ට දුන්නෙ ආපිට මූණත් ඇදකරලා..
අසහනේ ??...ප්‍රොෆෙසර් එක්තරා දවසක ලයිබ්‍රි එකේදි කිව්ව කතාව විදත්ට මතක් වුණෙත් ඒ එක්කමයි...
"ඒකෙ එහෙම දෙයක් තියෙනවද ?"
"කවුරුත් කිව්වෙ නැද්ද ?"
"...................................................." කිව්ව තමයි ඉතින්...කිව්වේ පිළිගන්නම බැරි කෙනෙක් නිසා ඒක ගණන් ගත්තෙ නෑනේ...
"ඒක මට සෙට්..." කවුරු මොනා කිව්වත් විදත් ඕල්වේස් ලෝයල් ටූ ටයිලා...
"නිකම් අවදානේ වගේ ඕයි..එපා..!ඒකේ මීන් එකම බලනවා..."
"මීන් ?? "
ඇස් වලට හුරු අකුරු දෙක කන් වලට වැටුණම..තාමත් හොයාගන්න බැරිවුණ මීන්ගෙ මීන් එක ගැන විදත්ට කල්පනා වුණේ එවෙලේ..කොච්චර කොහොම වුණත් ඒ අත්භූත මාළුවා ගැන විදත්ට තිබුණෙ වෙනස්ම හැඟීමක්.."එකේ මීන් එක අවුල්නේ...."
"......ඕන මඟුලක් මම යනවා..." විදත් හෙල්මට් එකේ ශීල්ඩ් එක පහළට දාගන්න අත ගෙනිච්චෙ අනික් යතුරත් අත යතුරට ගෙනියන ගමන්...
"අනේ අයියෙ පොඩ්ඩක් ඉදලා යන්නකො...."
"අහිංසක සතෙක්ගෙ කොන්ද කැඩෙනවා බලන්න තරම් හිත හයිය නෑ.."
"අනේ මේ...!"
"මට පරක්කු වෙනවා...."
"ඇයි කෙල්ලො බලන්නද ?"
"කෙල්ලො ??"
ඒක වචනනම් කමක් නෑ...බහු වචනෙන් ???"මම දන්නවා ඉතින්..." කැමීලියා තොල් පිට පෙරළුවේ ආඩම්බර විදිහට..
"මොනවද දන්නේ...?"
"තමුසෙගෙ කාඩ් එක..."
"ඔය වෝටර් බැලේ කරන කෙල්ලො ඉන්නවා නේ..උන් දාර චීත්ත..තමුසෙටත් හොඳයි ඉතින් උන්වම..."
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-