MEEN - 27 🐬

363 63 122
                                    

අදනම් ඉන්දියන් සාගරය ටිකක් විතර කලබලකාරියි..හීන් හුළං මැද්දෙ මුහුද මැදට වෙන්න කට්ටියවත් පුරවගෙන නාවික බෝට්ටුව මූදු රැල්ලත් එක්ක සුහඳ සාකච්ඡවක..පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් ගැස්සෙන්න බලන නිසා බෝට්ටුව වුණත් සුහඳින් හිටියෙ හරි පරිස්සමට..ඒ සුහඳතාවයට එහෙමම ගනුදෙනු කරන්න දීලා කැප්ටන් රාගව් එයාගේ කතාව පටන් ගත්තා...

"මේ හරියෙ තියන පොලිතින් ටික තමයි අයින් කරන්න ඕනේ...
විරාජ් මෙයාලට විස්තර පැහැදිලියි කරලා දෙන්න.."

"ඕකේ කැප්ටන්..." නේවි ඇසිස්ටන් විරාජ් ඉස්සරහට ආවා..

"මේ ප්‍රොජෙක්ට් එකට මම ටීම් ලීඩර් කෙනෙක් විදිහට සම්බන්ධ වුණේ ගිය අවුරුද්දෙදි..මේකෙදි අපේ මේන් පර්පස් එක තමා කැස්බෑවො ආරක්ෂා කර ගන්න එක..හැමෝම දන්නවා කැස්බෑවො වදවීමේ තර්ජනයට ලොකුම හේතුව පොලිතින් බෑග් කියලා..ජෙලි ෆිශ් සහ ශොපින් බෑග් වල වෙනසක් උන්ට පේන්නෙ නෑ..උන් ජෙලි ෆිශ් කියලා ශොපින් කෑමට ගන්නවා..පස්සෙ ඒවා දිරවන්නෙ නැතිවුණාම මැරෙනවා...ඉතින් ඒක මේ වෙනකොට ලෝකෙටම ලොකු ප්‍රශ්නයක්.."

"ඒක හරි විරාජ්..ඇත්තටම ලංකාවේ සාගර සංරක්ෂණය මත්ස්‍ය සංරක්ෂණය වගේ දේවල් වෙන්නෙ අතේ ඇඟිලි ගාණට වගේ සෑහෙන අඩුවෙන්..අපේ ඩී ඩී සර්ලා වගේ කට්ටිය ඉන්නකං මේ දේවල් මේ ගාණට හරි පවතිනවා..සර් තාමත් එතන වැඩ කරනවද..කොහොමද ?"

ඒ කියන්නෙ ලැබ් යන්නෙ ඒකයි එහෙනම් ?? විදත් ප්‍රොෆෙසර්  දිහා බැලුවේ නොපෙනෙන ගාණට...ඒත් එක්කම වගේ අනික් හැමෝගෙමත් අවධානේ ප්‍රොෆෙසර් ත්‍රිලක්ෂට හැරුණා...

"ඔව් කැප්‍..."

"මෙහෙ මත්ස්‍ය සංරක්ෂණ මධ්‍යස්ථාන හුඟක්ම කරන් යන්නෙත් ඒකෙන්ම තමයි..ඒත් එයාලට ඒ බේරගන්න පුළුවන් වෙන්නෙ උන් අමාරු වෙලා ගොඩට ආවොත් විතරයි..ඒ වගේම උන්ව එයාලා දකින්නත් ඕනේ..එහෙම නැතුව අපිත් නොදැන කොච්චරනම් අය මැරිලා යනවා ඇද්ද.."

".............................................................."

කොල්ලො ටික පුංචිම කලබලයක්වත් නැතුව කතාවට කන්දීගෙන හිටියෙ සාවධානෙන්..මුහුද සම්බන්ධ කාරණා වලදි එයාලා කොහොමත් අතිශය සාවධානයි...

මීන් | MEEN Where stories live. Discover now