MEEN - 49 🐬

405 68 27
                                    

.
.
.
.
.
.
.
Good Morning, New Yorkers !
Looking at another beautiful day here in the city!

නිව්යෝක් නගරෙට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරන ගමන් උදේ හතේ සුපුරුදු වෙලාවට පුරුදු පරිදි ඇමරිකානු බ්‍රෝඩ්කාස්ටින් වැඩ පටන් අරන්...
නිව්යෝර්ක් නගර වාසීන්ටනම් ඔය පැතුම නුපුරුදු දෙයක් නොවුණම එයාලානම් දවස පටන් ගත්තෙම ඒ පැතුමෙන්...

ඉබේටම වගේ නින්දට සමුදෙද්දි බර වුණ ඇස් පිහාටු වලින් විදත් නිදිගැට කැඩුවෙ ආපස්සට ලොකු ඈනුමකට වගකියන ගමන්...ඈනුමට වගකියන්න හැදුවට කොහෙද ඒක මග නතර වුණේ මූණට සමාන්තරව අඟලක දුරින් යා වෙලා තියන ත්‍රිලක්ෂගෙ මූණට...

"ගුඩ් මෝර්නින්..."

ඒ ඇස් කෙලින්ම එයාගෙ ඇස් වල...
ඇහැරිලා ගොඩක් වෙලා කියන්න විදත්ට ඒ ඇති...

"මෝර්නින්..."  විදත් ඈනුම ගිලගත්තා...
ඇවිස්සුණ කොණ්ඩෙට..ඒ ඇස්..

'ඒ රුව කටගැස්ම වගේ..
වියළුණ තොල් තෙත් වුණා ආයේ..
හිනාවෙන ඔය ලස්සන...
දෙන්න ඔය ඇස් දෙක...'

විදත්ට හැමවෙලේම වගේ දැනුත් මතක් වුණේ එයාගෙ ක්‍රොස් වුණ  මනබැන්ඳු කාරණාව...

"ඇස් දෙක දෙන්න බැරිද...?"  ඒත් එක්කමයි විදත් ත්‍රිලක්ෂගෙ කොණ්ඩෙට අත ගෙනිච්චෙත්...ඔව්! ඒ ඇස් ගන්න පුළුවන්නම්....

"ගන්න..." එයා හිනාවකින්...

"ලස්සනයි..."

"උඹ තරම් නෑ...!"

විදත්ටත් කට හිනාවක් ගියේ ඉබේටම...
ඒකනම් පොඩ්ඩක් විතර ආඩම්බරයක්..
ඒත්- කොහොම කිව්වත් උඹට පිළිගන්නම වෙනවා විදත් ත්‍රිලක්ෂ ළඟ උඹ නිතරගයෙන්ම දෙක!!

හිනාවකින් ත්‍රිලක්ෂ කොණ්ඩෙ පුරා ඇඟිලි තුඩු යවද්දි විදත් ෆෝන් එක අතට ගත්තා..පරම මිත්‍රයන්ගෙ, කැමීලියාගෙ සීයාගෙ මැසේජ් අතර උඩින්ම තිබුණේ අප්පච්චිගෙන් මිස් වුණ කෝල් එකකුයි මැසේජ් එකකුයි...කෝල් මිස් වෙන එකනම් එන්නෙ පතාගෙනනේ...ටයිලාගෙ සද්දෙ වහලා නිසා මොකුත් කියන්නත් බෑ ඉතින් එයාටත්...එහෙමම අප්පච්චිටත් රිප්ලයි එකක් දාලා ඒ පිටටම අම්මටත් මැසේජ් එකක් දැම්මෙ ඇඟ බේරගන්න ඕනෙ නිසාමයි...අන්තර් පුද්ගල සම්බන්ධතා ඒ තරම් හොඳයිනේ..

මීන් | MEEN Where stories live. Discover now