විඩාබර සති දෙකක් ඊයක වේගෙන් නිල් පාටත් එක්ක ගෙවිලා යද්දි විදත්ටනම් හැමදේකටමත් වඩා තිබුණෙ මහන්සියක්...එකකට එකක් වෙනස් පිහිනුම් ක්රම සහ විධි ඔලුවෙ රැළි ගැහුවෙ එක පිට එක... හයිපර්තමියා වල හාස්කම් දවසින් දවස එක එක ස්වරූප වුණත් ඇඟේ උෂ්ණත්වෙ ටිකෙන් ටික අඩු වෙන එක ගැනනම් පුංචි සතුටක් ඇරෙන්න කලින් තරම් ලොකුවට සතුටු වෙන්න පුළුවන්කමක් එයාට තිබුණෙ නෑ...ඒ අඩුවෙන හැම සෙල්සියස් එකකටම අලුතෙන් මොනවාහරි ඉගෙන ගන්න වෙද්දී වෙද්දි කොල්ලට දික් කලිසම්කාරයා ගැන ලාවට කේන්තියක් තරහක් නොදැනුණාමත් නෙමෙයි...
පැය දෙකේ පුහුණුව ස්විමින් කරන අනික් හැමෝටම පොදු දෙයක් වුණාට විදත්ටනම් ඒ නීතිය අදාළ වුණේම නෑ...එයාට නිල් පාට එක්ක කරන්න තිබුණෙ වෙනම ගනුදෙනුවක්...
"අනේ මහන්සියිනේ..."
අලුත් ටෙක්නික් එක ඇඟට වෙනම අමාරුවක් වුණාම විදත් ෆිනිශිල් ලයින් එකට ඇවිත් බැම්මෙන් ඉදගෙන ලොකු හුස්මක් ගත්තෙ ගොග්ල්ස් දෙකත් ගලවන ගමන්...
"මොකක්ද ?" .
ඒ වචනෙ තහනම් වචනයක් කියන්න ඇස් යටින් බලපු ඒ බැල්ම එයාට ඇති..
"නෑ මොකුත් නෑ!"
කොල්ලා උඩට කරගත්ත ගොග්ල්ස් දෙක ඇස් දෙකට දාගෙන ආයෙම වතුරට බැස්සෙ මූණත් නොපෙනෙන ගාණට පුම්බගෙන...
"තව හදාගන්න දේවල් තියෙනවා...
අසනීපේ අවුලක් නෑනේ....""නැහ්..."
"අවුලක් වෙන්නත් බෑ දැන් චෙක් කළානේ...අමාරුයි වගේනම් කියන්න...
හැබැයි ආයෙ බොරු කරලා අහුවෙන්න එපා...!"බයෝ කරපු ස්විමින්කාරයෙක් එක්ක ආයෙ ලේසිම නැතිවෙද්දි විදත් ආපස්සට කටපියාගත්තා...ඩිග්රි ගහපු දොස්තරටලත් වඩා හපන් එයාලා වැඩ අල්ලගන්න ගත්තම...ස්විමින් ටීම් කැප්ටන් වගේම සීනියර් ප්රිෆෙක්ට් කෙනෙක් විදිහට ත්රිලක්ෂගෙ කොහොමත් අහංකාර ගතියක් නොතිබුණාමත් නෙමෙයි..ඒ වුණාට කෝච් කෙනෙක් විදිහට ඒ අහංකාරකම ඕනවටත් වඩා වැඩිපුර තිබුණම හිතුවක්කාර වුණත් විදත් වචනයක් ආපස්සට කියන්න ටිකක් විතර පරිස්සම් වුණා..එයා ආපහු ස්ටාර්ට් පොයින්ට් එකට ගිහින් ලොකු හුස්මක් අරගත්තෙ ත්රිලක්ෂ දිහා බලාගෙනමයි...
බැලුවට කොහෙද දැන් විනාඩි ගාණක් තිස්සෙ උණකටුවකුත් අතේ තියාගෙන පොතකුත් පෙරළගෙන එයා වැදගත් වැඩක...උණකටුව ගැනයි පොතයි ගැනයිනම් විදත්ට අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ....උණකටුවෙ ඉලක්කමෙන් ඉලක්කම වැටෙන ෆැරන්හයිට් ගාණ පැයෙන් පැය වෙනස් වෙන බොඩි ටෙම්ප්ර්රේජ් එක වෙලාවත් එක්ක හරි පිළිවලට පොතේ සටහන් වෙලා තිබුණා..
බයෝ කරපු ස්විමර් කෙනෙක් එක්ක ලේසි නෑ කියන්න ඉතින් වෙන සාක්ෂි මොකටද..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-