MEEN - 08 🐬

529 78 13
                                    


SURKH WALA , SAUZ WALA
FAIZ WALA LOVE
HOTA HAI JO LOVE SE
JYADA WAISE WALA LOVE
ISQUE WALA LOVE...

තාලෙට පාඩුවෙ වැදෙන තබ්ලා පදයක් එක්ක ඉන්ග්ලිශ් වයිබ් එකකට හින්දි වචන එක්ක මික්ස් වුණාම..
වාහ්..සැනසීම !!

අකුරුත් එක්ක හෙම්බත් වෙච්ච ඇස් හොද කරන්න ඉතින් කන් වලට බෙහෙත් දැම්මත් ඇති...

ඔය කියන බෙහෙත් අධිමාත්‍රාවෙන් පෙවිලා ඉන්නෙ විදත්ටනම්..දවස් පහක් තිස්සෙ ඉදන් අඩුවක් නැති වෙන්නම..
ලෙක්චර්ස් කට් කලානම් ඒවට ගෙවන්නත් එපැයි..
අහලා තියනවනේ...ගෙවීමක් නැති කිසිවක් නැත මෙලොව කියලා...

හැබැයි විදත් බිසීද කියන්නවත් එයා හරියට දන්නෙ නෑ..එයා නිකම් එයාවම හිර කරගෙන වගේ..එහෙම නොවුනොත් මේ තියන තත්වෙත් එක්ක
අත්ලාන්තික් සාගරය කැළඹෙන්නෙ ආයෙ හිතාගන්න බැරි විදිහට !!

හිත රිදුණ හැමවෙලේම බිසී වුණාම
එතකොට හිතට උණත් අමතක වෙයි රිදුණා කියන්න...

අහ් හිත නෙමේ කොහෙ රිදුණත් විදත්ට
එයාගෙ උදෑසන යාමයේ කැෆේන් කෝප්පය නම් අමතක වෙන්නෙම නෑ..

පුරුදු කොට කළිසම පිටින්ම කුස්සියට ආවේ බ්ලූටූත් එකත් ගහගෙන ඉෂ්ක වාලා ලව් එක්ක තනිවෙලා....

ඔහ්..ඔහ්...

දැන් හැරෙන්න කියලද ? ඔහොම යමු කොල්ලෝ...
මේසෙට වෙලා තේ එකකුත් බිබී ෆෝන් එකට එබීගෙන ඉන්න කැමීලියා..එයාව දැක්කමයි කොල්ලට මීටර් වුණෙ එයා තවදුරටත් මේ ගෙදර තනියම නෙමෙයි කියන්න...

අම්මොහ් මේකගෙ සුදු...හැන්ඩ්සම් වෙලාදත් මන්දා..යනකොටනම් මෙච්චර හැඩට හිටියෙ නෑ මූ !!

කෙල්ල වුණත් විදත්ව දකින්නෙ විදත් ඒ ලෙවල්ස් වලින් එයා ගාල්ලට ආවට පස්සෙ..
හරියමට අවුරුදු හතරකින් පහකින් විතර...ඊටත් වඩා ගෙදර ඇවිත් දවස් පහකුත් ගියාට පස්සෙ....

"මොකද ? "

"ඇයි ?"

අපෝ බලන් ඉන්නවා දැක්කද මන්දා..
කැමීලියා එහෙමම තේ එකට තොල් තිබ්බෙ ආඩම්බර පෙනුමක් අරන්..

"ඇයි ?"

"ඉතින් ඇයි ? "

"පිස්සුද ඕයි... !" විදත් ඔලුවට පාරක් ගහගෙනම යන්න හැරුණෙ බ්ලූටූත් දෙකත් සාක්කුවට දාගෙන...

මීන් | MEEN Where stories live. Discover now