"Baby girl, yuh ah carry ten ton a phatnesss , gimma some a dat..
Mixd wid di badness look how she hot..."ඩීජේ එකේ අයියා සියාන් පවුල් එක්ක පවුල් කන්න හදන්නෙ අද වෙනමම විදිහට වගේ..වටේම අය ලෙසටම ඒකට හවුල් වුණාට බාර් එක ළගට වෙලා කොක්ටේල් ග්ලාස් එකේ අයිස් කැට දිය වෙනකන් බලන් ඉන්න එක විදත්ට ගෙනාවෙ වෙනමම ආතල් එකක්..
එයා ඒ කල්පනා කරනවද නැත්ද කියන්න කොල්ලවත් හරියට දන්නෙ නැහැ..හැබැයි වෙන අය කල්පනා කරන්න හුදකලා තැන් හොයද්දි විදත් කල්පනා කරන්න ආසම වුණේ කන් පැලෙන සද්දෙට ක්ලබ් එක ඇතුළේ...ඒ එයාගෙ හැටි.. නිශ්ශබ්ද තැන් සංකීර්ණයි..ඒ එයා හිතන විදිහ ..
"Just give me few seconds..I'll be back "
"But baby..??"නිශ්චල වතුරට වැටුන පුංචිම පුංචි මල් පෙත්තක් වගේ වගේ ඒ ගැහැණු පිරිමි කඩහඩවල් විදත්ගෙ කන් හරහා විනිවිද ගියේ පියවි සිහිය අවදි කරවලා..
නමුත් ඉතින් අදාලම නෑ ,, විදත්ගෙ අහක බලාගත්ත ඇස් ඒකට සාක්ෂි..."මල්ලි වෙනදා එකම දෙන්න ! "
ඒ කටහඩ ආයෙම ඇහුණෙ කන ළගින්මයි...ඒ වචන ටික ඇති, කොල්ලා දැනටමත් දැනගෙන ඉවරයි ඒ එයා හිතන කෙනාම තමා බව.."අයියේ බියර් එකක්.." අයිස් කැට ටික සේරම දියවෙලා ඉවරයි..දැන් ඉවර ඇති මහලොකු කල්පනාව..
"සර් මේ කොක්ටේල් එක.. ?? "
"ඒක දැන් එපා අයියේ..කොක්ටේල් බොන මූඩ් එකක් නැහැ දැන් "
"හේයි ! " සුපුරුදු හේයිය..විදත් එයා ලග හිටිය උස හැඩිදැඩි මනුස්සයා දිහා ඇහැ කොනින් බලලා ඔලුවෙ වැනුවේ වැඩිය ගානක් නැතුව..වැඩක් ඇති කෙනෙක් නෙමෙයි ඉතින් කොහෙත්ම ..ආයෙ ඉතින් වැඩක්ම නෑ !,
"හායි " අනික් පැත්තෙන් සුපුරුදු හායිය..
හැමදාම ඔච්චරයි !ඇත්තටම ඔය හායි හූයි එකට දෙන්නම ආස නෑ සෑහෙන්න..නමුත් දැක්කම ඉබේම කියවෙන ගතිය ආවේ දැන් ඇහැ ගැටෙන්නෙ සෑහෙන කාලෙක ඉදන් නිසා වගේම - ,
"සර් මෙන්න සර්ලාගෙ බියර් දෙක "
බියර් එක කඩන්න තත්පර පහක් ඕන්නම් ඊටත් වඩා අඩුවෙන් යන්නැති..
නමුත් ඒ තත්පර කීපයට විදත්ගෙ ඇස් දැක්කෙ කොහෙත්ම *කොහේත්මම අදාල නැති මනුස්සයා අර කෙල්ලගෙ අතේ ගුලි කරපු කී කාඩ් එක..මේ ඇස්වලටත් ඕනි නැති ල%#* නෑ !!
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-