උදේ ඉදන් විදත්ගෙ ඔලුවෙ රැළි ගහන්නෙ එකදිගටම..අදනම් වෙනදටත් වඩා අත්ලන්තික් සාගරය කැළඹිලාද කොහෙද..!!විදත්, කාර් එකේ ස්ටෙයාරිග් වීල් එකට බර වුණේ ඒ නිසාමයි.. අපරාදෙ..!! උඹට උගෙන් අහන්න තිබුණෙ ? රියානගෙ කාමරෙ උගෙ වොට්ච් එක තිබුණෙ ඌ වැරදිලාවත්-නෑ..එහෙම වෙන්න බෑ..වෙන එකෙක් නම් කමක් නෑ හැබැයි ඌ ???? ඒක වෙන්නම බෑ..
කොහොමත්ම නෑ !!!!!! කොල්ලගෙ මොළයයි හිතයි අතර සීතල යුද්ධයක්..ඌ අයියා වෙන්නත් පුලුවන්..රියානට අයියල ඉන්නවද ?? අන්න ප්‍රශ්නයක්..! විදත් උඹ ඒකි ගැන මොකුත්ම දන්නෙ නෑනේ..දැනගන්න කොහෙද හැමි#&* හදිස්සිය..මේ පාරනම් කොල්ලා නාගත්තා සති ගාණකට ඇති වෙන්න..
දිල්ගෙන් අහන්න විදිහක් නෑ..ඒකි කතා නෑනේ..කතා කරන්නෙ නැති වෙන්න තරම් දෙයක් වුණෙත් නෑ..හැම එකාම එකයි..විදත් එහෙමම දිල්ගෙ කන්ටැක් එක ඩිලීට් කරලා ෆෝන් එක එහා පැත්තෙ සීට් එකට විසි කළා..එයාගෙ ඔය ලද බොලද බ්ලොක් කිරිලි නෑ..
එකෙන්ම ඩිලීට්...!!දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි ..
රියානා ගැන දන්නෙ එකයි..උගෙන්ම අහගන්නවා..! හොදින් හරි නරකින් හරි..!"උඹ රියානගෙ කවුද ???"
දොර හයියෙන් ඇරගෙන විදත් ඇතුළට කඩාගෙන ආවේ කෑගහගෙන..දොර ඇරුණෙ සද්දෙට..ප්‍රොෆෙසර් ඩී ඩී ලැප් එකෙන් ඇස් අහක නොවුණ විදිහෙන්ම කියන්න පුලුවන් ආව කෙනාව ආයෙ අදාළම නෑ කියන්න...
"පරක්කු වෙලා අහන ප්‍රශ්න වලට උත්තර නෑ..!!"
ඌ ඒ ප්‍රශ්නෙ බලාපොරොත්තු වුණේ එවෙලාවේ එහෙනම්....ඒත් හේතුවක් තිබ්බෙ නෑ ඒත් විදත්ට එවෙලෙ ඒක අහන්න විදිහක් තිබුණේ නෑ...
"නිකම් රගන ලයින් දෙන්නෙ නැතුව කියපන්..
උඹ රියානාගෙ කවුද ? " ඒ පාර විදත් ආවේ මේසෙ ඉස්සරහට.."ඇතුලෙ එක්සෑම් එකක් යනවා කියලා පේනවා ඇති කියලා මම හිතනවා.."
"අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් !!! " මගුලක් කියනවා මෙතන..
"ඇතුළෙ..එක්සෑම් එකක්..." ඒ වචන හරිම සන්සුන්..
"මට ඇස් පේනවා කොහොමත්..."
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-