හැම ලොකු කතාවක් පිටිපස්සෙම තියෙන්නෙ හරි පුංචි මුණහැහීමක්....
නොහිතපු අහම්බයක්..ඒ හැම අහම්බයක් මුණගැහීමක් වෙනුවෙන්, වර්තමානයෙන් අතීතයට...
2011...පහ වසරෙන් හය වසරට යනවා කියන්නෙ අවුරුදු දහය පැනපු කොල්ලොන්ටනම් ආයෙ ග්‍රැජුවේට් වෙනවටත් වඩා සතුටක් වුණාම පළවෙනි වාරෙ පටන් ගත්තම ඒ සතුට ඉහ වහ යන්නෙ වටපිටාවත් දෙවනත් කරගෙන..දණිස්ස ගාවට වෙන නිල් පාට කොට කලිසම..කලිසම යට කරපු අත් කොට සුදු කමිසෙනම් ඒ විදිහමයි....
හය වසර සෙක්ශන් එක ඒ පන්තියෙන් පටන් ගත්තම එච් වෙනකන් පන්ති අටක ලොකු ගොඩනැගිල්ලක්..පහළ පන්තිය වලට වෙන වෙනම මල් පාත්තියක් වෙන් වෙලා තිබුණම පාත්ති ඉස්සරහට වෙන්න තිබුණෙ ඈතට වෙන්න දිග කොරිඩෝව..
සෙක්ශන් එකම නියෝජනය කරන මුල්ම පන්තිය නිළ වශයෙන් ගත්තොත් හය ඒ පන්තිය..හත පහු වෙනවත් හරි ඒ පන්තියෙ වැදගත්ම ක්‍රීඩාවක සැගවුණ දක්ෂතා එළිබහින්න ඒ තමයි නියමම වෙලාව වෙද්දි අදත් සුපුරුදු විදිහටම තවත් සඳුදාවක ප්‍රබෝධමත් උදෑසනක් ඕමි අතක් එක්ක මේසයක් වටකරගෙන..."ඒ ඒ.. බොරු කරන්න එපා හරියට රුපියල් දහයක් දාපන්..!" එයා සෞම්‍ය..නිළ ළත් පන්ති නායක බැජ් එක සාක්කුවේ දාගෙන වැඩේට බොක්කෙන්ම බැහැල ඉන්න නිළ නොළත් භාණ්ඩාගාරික..
"දැම්මා බං..."
"මෙතන හාරසීයයි..මෙතන පනහයි අර දහයයි හැටයි..හාරසිය හැටයි..ඉස්සල්ලත් ඒ ගාණමයි..කෝ දැම්මනං මෙතන තියන්න ඕනෙනෙ.."
දහයෙ විස්සෙ පනහෙ කොළ දහයකට රුපියලේ දෙකේ පහේ දහයේ කාසි සීයක් විතර..කොල්ලා ගණන් මිනුම් කිව්වෙ සද්දෙටම..
"ආ ගනින් මඟුල..."
"දීපං...
මේ පාරනං හොර කරන්න බෑ හරි..!
ඔට්ටුනං ඔට්ටු..."හරි හරි..." ඇඟෙන් කෑල්ලක් ගිය තාලෙට අනික් කොල්ලා මූණ ඇඳ කළේ, සෞම්‍ය රුපියල් දහය සල්ලි ගොඩට එකතු කරද්දි..
"විදත් උඹ ශෆල් කරලා ඉවරද...?"
"ඉවරයි...ඉවරයි..." වැදගත්ම රාජකාරිය අවසන් කරලා කාඩ් සෙට් එක අතට මිටි කරගන්න ගමන් විදත් උත්තර දුන්නෙ ගැම්මෙන්ම...වයිස් මොනියර් විදිහට එයාගෙ සහයෝගයත් උපරිමයෙන්..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-