"විද් ? " කවදත් වගේ ඒ සන්සුන් ඇස් විදත්ව නිවන්න ලොකු උත්සහයක...
ඒ ඇස් වලට පිටුපාන්න බැරිවුණාම ඊටත් තවත් කෑගහගෙන වැඩක් නැති වෙද්දි ත්‍රිලක්ෂගෙ අත එයාගෙ අතින් අයින් කරලා විදත් එළියට යන්න හැරුණෙ ආපස්සට වචනයක්වත් කතා නොකර...
ත්‍රිලක්ෂ දිහාවට නෙමෙයි අඩුම ඒ ඇස් අප්පච්චි දිහාවටවත් හැරුණෙ නැති තරම්...කතා කරනවටත් වඩා කතා කරන්න තරම් ශක්තියක් තිබුණෙ නෑ කිව්වොත් තවත් හරි..ඔව්! මේ වගේ වෙලාවට හැසිරෙන්න ඕන කොහොමද කියලවත් එයා දන්නෙ නෑ...
දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක එයාගෙ පුරුද්ද වුණාම විදත් ගෙදරට මීටර් පහය හයක විතර ඈතින් එළියෙ මිදුල අයිනට වෙන්න තිබුණ බෙන්ච් එකෙන් ගිහින් ඉඳගත්තා..වටපිට තිබුණ ගස් නිසාම එතන තිබුණෙ හෙවනක්...
හීතල හුළඟත් එක්ක ඒ හෙවන ගතිය සනීපයි..දැන් ඕනේ සිහි නැතිවෙන නින්දක්...හෙන ගැහුවත් ඇහැරෙන්නෙ නැති මත්වුණ නින්දක්...වම් අතේ නකල්ස් වල ඇඟිලිවල තැනින් තැන පසාරුවුණ වීදුරු කටු...ලොකුවටම නැතත් පුංචි කැපුම් පාරවල්වලට කැටි ගැහුණ ලේ වලින් වේදනාවක් නොතිබ්බම නෙමෙයි...විදත් බෙන්ච් එකට හේත්තු වෙලා එකින් එක වීදුරු කටු ගලවන්න ගත්තා...ඇඟිලිතුඩුවලට තද වෙලා ගැළවිලා අයින් වෙන හැම වීදුරු කටුවකටම ඔලුව ඇතුළෙ රැළ්ලක් ගැහුවේ මේ හැමදේමත් එක්ක ත්‍රිලක්ෂ තාමත් ඇතුළෙ වෙද්දි...
නිහැඬියාවත් එක්ක මුහුවුණ ඒ කැළඹුණු රැළි පුංචි වීදුරු කටුයි එක්ක කොළ පාට හෙවනක විනාඩි පහළවක් විස්සක් ගෙවිලා ගියේ එහෙමම...
"මෙතන හොඳයිනේ..."
ත්‍රිලක්ෂ එහායින් ඇවිත් ඉඳගත්තෙ පුරුදු හිනාවෙන්...හේත්තු වුණ ඔලුව උස්සලා විදත් පියවුණ ඇස් පිහාටු දිගෑරියා..ඒ මූණ හිනාව ඇරෙන්න වෙනසක් ඇත්තෙම නෑ...
"හ්ම්ම්...."
විදත් හූමිටි තියද්දි ත්‍රිලක්ෂ අත් දෙක පපුව මැද්දට තියාගෙන බැඳගත්තෙ හිරියකින්...දවල් වුණත් යන්තමට විතර සීතලක් එළියෙ නොතිබුණාම නෙමෙයි...
"ඉස්සර ලොස් ඇන්ජලිස්වලදි මං හිටියෙ අපාර්ට්මන්ට් එකක..එහෙ පාර්ක් එකෙත් මේ වගේම ලස්සන තැනක් තිබුණා..මං ගොඩක් වෙලාවට පාඩම් කළේ එතනට වෙලා.."
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-