"ගල් මූසලයො තෝත් නිදිද...??!"විදත්ව බදාගෙන පෙරේතයා පොලේ ගහලා වගේ නිදාගෙන ඉන්න මිලාන්ව දැකලා මේඝගෙ ඇස් උඩ ගියා..මුන් දෙන්නා හින්ද කොයි වෙලේ හරි මේඝට ඩිප්‍රෙශන් හැදෙනවා ළගදිම..
"නැගිටපන් යකෝ නැගිටපන්..!
තොපි ඔක්කොම නිදාගත්තම කූඩුවට යන්න ඕනි මමද ? "
වදයක් වුනානෙ මේක..මුන් නිදාගන්න..
ඌ කූඩු යන්න.."තව ටිකක් නිදාගන්න දීපන් බන්.."
විදත් හිමින් මිමිණුවෙ කොට්ටෙ මූණ අස්සෙ ඔබාගෙනම..."හු#%# මිලාන් !!
මම තෝව එව්වෙ මූව ඇහැරවලා ලෑස්ති වෙලා ඉදපන් කියලා නේද පරයො..තෝත් මෙතන බුදි ! ""ආව්...ආව් ! ගහන්න එපා යකෝ..."
මිලාන් නින්දෙන්ම කියලා ආයෙ අනික් පැත්ත හැරුණා මිසක් නැගිටින පාටක් තිබුණෙ නැහැ...
"අනේ හු%# !
මම යනවා..උඹ ඕන ලබ්#* කරගනින් විදත් ! "
මේඝ බෑග් එක අතට අරන් ආපහු යන්න හැරුණෙ මල ඉහටම නැගපු නිසා..ඇයි අනේ බුදියගෙන හැමි&#* මෙතන ඉදගෙන.."අඩෝ ඉදපන් ඉදපන් ! තව විනාඩි පහෙන් නැගිටින්නම්.."
කියපු තත්පරේට විදත්ගෙ ඇස් ආයෙම පියවුණේ ඉබේටමයි..දැන් සති දෙකක් තිස්සෙ යුනි සස්පෙන්ඩ් වෙලා..හැබැයි සෑහෙන නිදිමතක් ! ඔව් ඉතින් රෑට සෑහෙන වැඩනෙ කොල්ලට..
"අඩෝ අරූ ගියාද...?? !!"
විනාඩි කීපයක දැඩි නිශ්ශබ්ද තාවය දරා ගන්නම බැරි වූ කල, මිලාන් නැගිටලා වටපිට බැලුවා..සිරාවටම මේඝ ගිහින්..
"නැගිටපන් හු&#* ! අරූ සිරාවටම ගිහින් ! " මිලාන් කෑගහුවෙ විදත්ගෙ පස්සට පාරක් ගහන ගමන්..
"ඕකා යන්නෑ බන්..පහළ ඇති.."
විදත් නැගිටලා ෆෝන් එක අතට අරන් ඇද විට්ටමට හේත්තු වුණා..ඒ අතරෙ ඈනුමුත් යනවා එක පේළියට.."හැමි%#& !!!"
"මොකද හු%*# උදේ පාන්දර කුණුහරප කියලා කෑගහන්නෙ.."
"බලපන්..." විදත් ෆෝන් එක මිලාන් අතට දුන්නෙ ඇදෙන් නැගිටින ගමන්..
"අර පරයා..!!
මොකක්ද බන් මේ දාලා තියන කැප්ශන් එක..""Morning after පැණිහද #විද්මි❤️ "
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-