එදින උදෑසන පුහුණුවීම්වලින් අනතුරු ව ලකීෂ් හා මා විවේක කාලය වනතුරු ම එක දිගට ම පන්ති කාමරයේ රැඳී සිටියේ පළමු කාලඡ්ඡේද සියල්ලෙහි ම ගුරුවරුන් පැමිණිය බැවිනි.
දෙවන කාලඡ්ඡේදයේදී ම විවේක කාලයේ දී කෑමට ගෙන ආ සියල්ල අනුභව කර අවසන් වූ බැවින් මම ලකීෂ් හා පන්තියෙන් එලියට පැන ගතිමි.
අප දෙදෙනා පන්තියේ වූ නසරානීන් කල්ලියේ ප්‍රධාන සාමාජිකයන් නො වූවත් නිතර ම සිටියේ ඔවුන් සමඟ බැවින් නිල නො ලත් සාමාජිකත්වයක් ලැබී තිබිණි. එයට ද වැඩි වශයෙන් ම දායක වූයේ ලකීෂ් වූ අතර මම සාමාන්‍යයෙන් පාඩුවේ මාගේ වැඩක් කර ගනිමින් සිටිනා ආකාරයේ ළමෙකු විය.
" කැන්ටිම පැත්තෙවත් යමු ද... උදේ ඉඳන් වාඩි වෙලා ඉඳලා මගේ පස්සත් එක්ක රිදෙනවා... "
" ඒක තමා ලකීෂ්. මම නම් හිතන්නේ දැන් ඔයාගේ මොලේට සෑහෙන ඩැමේජ් වෙලා ඇති... "
" මොලේ... මොන මොලයක් ද... "
" මොකක්! ඔයාට මොලයකුත් නැද්ද... කමක් නෑ කමක් නෑ... අපි ආධාර එකතු කරලා හරි ඔයාට මොලයක් බද්ධ කරමු. "
මම දුක් සහගත මුහුණක් මවා පාමින් පැවසූවෙමි. මා පැවසූ දෙය වටහා ගැනීමට ලකීෂ් හට මොහොතක් ගත විය. ඔහු එය අවබෝධකර ගන්නවාත් සමඟ ම,
" අඩෝ ශේන්.... තමුසෙට මම.... "
මම මාගේ දිවි ගලවා ගැනුම පිණිස පසුපස බල බලා දිව යන්නට වූයෙමි. නමුත් එක්වරම සද්ධන්ත ගණයේ යකඩ ගොඩක් මත ඇද වැටී සිටියෙමි. ඒ යකඩ ගොඩ කතා කරන්නට වූයේ ය.
" ඇස් පේන්නේ නැද්ද පාර බලාගෙන යනවා... "
" සොරි... දැක්කේ නෑ... "
ඔහු මා පැහැදිලි ව දුටුවේ එවිටයි.
" ලකීෂ්! "
ඔහු පුදුමයට පත් කළු ඇස් දල්වා මා දෙස බලා සිටියේ ය. මම වහා ම ඔහු වෙතින් ඉවත් වූයේ වැටෙන්න ඔන්න මෙන්න සිටි මාව ග්‍රහණය කරගෙන සිටි නිසාවෙනි. මම එක්වර ම මතු වූ ලැජ්ජාවක් සමඟ යන්තම් රතු වෙමින් වූ මුහුණ බිමට හරවා ගතිමි.
" ලබන සතියේ ඉඳන් ඉස්කෝලේ රෑ නවතිනවා. කෑම්ප් යන්න ඕනි නම් අනිවාරෙන් ඉන්න. "
YOU ARE READING
Under the Sky
Romanceලබා දුන්නොත් අවස්ථාවක් ආසයි පෝලින් වෙන්න ආයෙත් වරක් රන්ටැඹේ අහස යට...