ලකීෂ් මා හට නිවසට යන අතරමග දී ශිෂ්‍යභට බලකාය පිළිබඳ බොහෝ දෑ උගන්වන ලදී. එයට විශේෂයෙන් ම ඇතුළත් වූ කාරණාවක් වූයේ ඛණ්ඩය තුළ ජ්‍යෙෂ්ඨත්වයට ගරු කරන ආකාරයයි.
" අපි අපිට වඩා සීනියර් කෙනෙක් එද්දි නැඟිටින්න ඕනි වාඩි වෙලා ඉන්නවා නම්. අයියලාට ඔයා මෙයා කියන්නත් එපා. තව මොනව හරි අපි කනවා නම් එතන ඉන්න සීනියර් ම කෙනාට මුලින් ම දීලා ඉන්න ඕනි. ඊට පස්සේ රෑන්ක් පිළිවෙළට දෙන්න ඕනි. වතුර බොද්දිත් එහෙමයි. තව ප්‍රැක්ටිස් අතරතුර බ්‍රේක් එකක් දුන්නහමත් එයාලා කියන්න කලින් වතුර එක පාස් කරන්න ඕනි. "
" ඒ මොන විදිහෙ නීති ද? අපිට ඕනි වෙලාවට කන්නවත් බැරිද ??? අපි මොකට ද එයාලා කියන විදිහට ඉන්නේ... "
මම එයට දැඩි ලෙස විරුද්ධ වූයෙමි. කෙතරම් අසාධාරණ සම්ප්‍රදායන් ද...
" ඒකට තමයි ඩිසිප්ලීන් කියන්නේ... "
එදින නිවසට යාමෙන් පසු ස්නානය කල වහා ම මම ඇඳට වැටී නින්ද වැළඳගත්තේ අද දිනය අධික වෙහෙසකාරී දිනයක් වූ නිසාවෙනි. මම නැවත රාත්‍රියේ අවදි වූයේ රාත්‍රී ආහාරය ගැනීම සඳහායි.
" මොක ද පුතා... මහන්සි ද? "
" අවුලක් නෑ අම්මා... "
මගේ මුළු ශරීරය ම රිදුම් දුන්න ද මම එය නො කීවෙමි. මම භාරගත් දෙයින් හමුවන් ප්‍රතිවිපාක ද මම තනි ව භාරගත යුතු ය.
" අමාරු නම් හෙට ගෙදර ඉන්න. "
මට ඇත්තවශයෙන් ම නිවසට වී විවේක ගැනීමට ඇවැසි විය. නමුත් එසේ කළහොත් මම පරාජය භාරගත්තා වැනිය. මා හට එසේ කළ නො හැක.
" නෑ මම යන්නම්. "
ආහාරගෙන අවසන් වූ විගස මම හෙට දිනයට නියමිත පාසලේ වැඩ කටයුතු නිමකළ වහා ම නැවතත් නින්දට ගියේ පැනඩෝල් දෙකක් ද ගිල දමමිනි.
පසු දිනයේ ද මම වෙනදාටත් වඩා උදෑසනින් පාසල වෙත පිවිසියේ අද දිනයේ ද උදෑසන වරුවේ පුහුණුවීම් පැවැත්වුණ බැවිනි.
" ආ... ශේන් ආව ද? මම හිතුවේ අමාරු නිසා ඉස්කෝලේ එන එකක් නැහැ කියලා... "
YOU ARE READING
Under the Sky
Romanceලබා දුන්නොත් අවස්ථාවක් ආසයි පෝලින් වෙන්න ආයෙත් වරක් රන්ටැඹේ අහස යට...