මම ඒ ගැඹුරු හඬ දෙසට අවධානය යොමු කළෙමි. ඒ වෙනත් කවුරුන් හෝ නො ව ලකිෂ්ගේ සජන් අභිමාන් අයියායි.
" මේ පොඩි එකාටත් කැඩෙටින් කරන්න ඕනිලු. "
යශේන් අයියා මා නො සළකන අයුරෙන් පැවසුවේ ය. එයින් සිදු වූයේ මාගේ කෝපය තවත් වැඩි වීම පමණි.
" දැන් මොනව ද තමුන්ට ඔනි? "
" කැඩෙටින් කරන්න . "
මගේ ඍජු පිළිතුර තරමක් දුරට ඔහුගේ පුදුමයට හේතු වූ බව දිස්විණි.
ඔහුගේ ගැඹුරු කළු පැහැ දෑස තුළ වූයේ කෝපය මුසු වූ දැඩි බැල්මකි. මම අභ්‍යන්තරයෙන් භීතියෙන් වෙව්ලමින් උන්න ද ඒ බවක් නො පෙන්වා දැඩි ආයාසයකින් යුතුව ය. සෙස්සෝ ද මගෙන් එවැන්නක් අපේක්ෂා නො කළ බව පෙනෙන්නට තිබිණි.
" එහෙනම් සඳුදා ඉඳන් ප්‍රැක්ටිස් ඉන්න ලෑස්ති වෙලා එන්න. "
මාව කුණු ගොඩක් තරමටවත් නො සැළකූ ඔහු සෙස්සන් ද රැගෙන පුහුණුවීම් ඇරඹීමට ක්‍රීඩා පිටිය වෙත පිවිසුණේ ය.
මම නැවතත් පන්තිය වෙත පිට ව යාමට සැරසුණ ද නැවතත් පෙර වූ ගැඹුරු හඬින් මා හට ආමන්ත්‍රණයක් ලැබිණි.
" ඔහොම ඉන්න. "
මම කුමක්දැයි විමසන්නට මෙන් ඔහු දෙසට ප්‍රශ්නාර්ථයක් මුසු වූ බැල්මක් හෙළුවෙමි.
" මෙතන ඉඳන් බලන් ඉන්නවා අපේ ප්‍රැක්ටිස් එක කොහොම ද වෙන්නේ කොයිතරම් හාඩ් ප්‍රැක්ටිස් එකක් ද කියලා... බලමු දවස් කීයක් ප්‍රැක්ටිස් එයි ද කියලා. "
මම ඔහුට රැවුමකින් සංග්‍රහ කළෙමි.
" මම දිගට ම කැඩෙටින් කරනවා... "
මම ඔහුගේ දෑස් තුළට එබුණු අතර ඒ දෑස තුළ එක්වර ම සියුම් ගැස්මක් මා හට නිරීක්ෂණය විය. එසේත් නැතිනම් එය මායවක් ද විය හැක.
කෙසේ නමුත් එම අවස්ථාවේ දී මම ඔහුට අවනත වීමට තීරණය කළෙමි. මම පිහිඹියා තුරු සෙවණෙහි හිඳ නරඹන අතරතුර ඔවුහු පුහුණුවීම් ආරම්භ කළහ.
පළමු ව මිනිත්තු පහළොවක් පමණ ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම සිදුකර අනතුරු ව ඔවුහු ක්‍රීඩා පිටිය වටා දිවීමට සූදානම් වූහ.
YOU ARE READING
Under the Sky
Romanceලබා දුන්නොත් අවස්ථාවක් ආසයි පෝලින් වෙන්න ආයෙත් වරක් රන්ටැඹේ අහස යට...