එදින සවස් සවස් කාලයේ පුහුණුවීම් මතක් වන විට නම් මා හට ඇවැසි වූයේ නැවතත් නිවස බලා යාමටයි. නමුත් ඒ සියල්ලට වඩා මාගේ ආත්ම ගරුත්වය වටිනා නිසාවෙන් මම සවස නතර වීමට සිත සාදා ගත්තෙමි.
මම සවස් කාලයේ අනුභව කිරීමට අම්මා විසින් සකසා දුන් ආහාරය ද රැගෙන ලකීෂ් සමඟ ශිෂ්‍යභට කාමරය වෙත පාසල අවසන් වී ගියෙමි. ඒ වන විට පැමිණ සිටියේ කිහිප දෙනෙක් පමණි.
ලකීෂ් පළමු ව ඔහුගේ කෑම පෙට්ටිය එහි සිටි ජ්‍යෙෂ්ඨයන් හට ලබා දුන් හෙයින් මම ද ඔහු අනුගමනය කළෙමි. එම ශිෂ්‍යභට සම්ප්‍රදායන් මා හට පෙනෙන්නට බැරි වූයේ ය.
අප දෙදෙනා ආහාර ගෙන අවසන් වනවාත් සමඟ ම අභිමාන් අයියා හා යශේන් අයියා පැමිණියහ. අභිමාන් අයියා මා වෙතට බැල්මක් හෙලූ නමුදු මම ඉවත බලා ගත්තෙමි. ඇත්තට වශයෙන් ම මට ඔහු ව ශිෂ්‍යභට නීති රීති තරමට ම පෙනෙන්නට බැරි විය. උදෑසන ක්ලාන්ත වීමෙන් අනතුරු ව මා හට ඔහුට මුහුණ දීගත නො හැකි ආකාරයේ ලැජ්ජාවක් දැනීම ද එයට එක් හේතුවක් වූයේ ය.
ඔහු පැමිණි විට ලකීෂ් හිඳ සිටි ආසනයෙන් නැගී සිටිය ද මම නොසෙල්වී සිටියෙමි. එය දුටු ලකීෂ් මා හට වැලමිටෙන් තදින් පහරක් එල්ල කළේ ය. එම නිසාවෙන් මම නැඟී සිටියෙමි.
" සාජන් කෑව ද ? මගේ කෑම එකත් තියනවා... "
විහඟ අයියා විමසූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.
" අපි දෙන්නා කාලා ආවේ... ඔයාලා කන්න. "
ඔහු ශිෂ්‍යභට කාමරයේ ඉදිරිපස කොටසේ වූ මේසය අසල පුටුවට බර වෙමින් පැවසුවේ ය. යශේන් අයියාත් ෆයිල් කවරයක් රැගෙන ඒ ආසන්නයේ ම වූ ප්ලාස්ටික් පුටුවක් මේසය අසළට ළං කරගත්තේ ය.
" ඔයා කියන්නේ අපි කවීන්ට එන්න කියමු කියල ද? මට නම් බැහැ ඒකත් එක්ක කෑම්ප් යන්න. දැක්කනේ ගිය පාරත්... ඒකා කන්ට්‍රෝල් කරන්න අමාරුයි. වැඩක් කරන්නෙත් නැහැ. "
" වෙන කරන්න දෙයක් නැහැ යශේන්. අපිට ළමයි මදි... "
යශේන් අයියා ඔහු සතු වූ නෝට් පොතක් වෙත අවධානය යොමු කරමින් යමක් ගණනය කරන්නට වූයේ ය.
KAMU SEDANG MEMBACA
Under the Sky
Romansaලබා දුන්නොත් අවස්ථාවක් ආසයි පෝලින් වෙන්න ආයෙත් වරක් රන්ටැඹේ අහස යට...
