Part 27

54 9 8
                                        

මම පන්තියේ ඉගැන්වීම කෙරෙහි සිත යෙදවීමට සෑහෙන වේලාවක සිට උත්සහ ගත්තෙමි. නමුත් මා හට නැවත නැවතත් මතකයට පැමිණියේ ඊයේ රාත්‍රියේ මා නිදාසිටි ආකාරයයි. එය නින්දෙන් මා සිදුකළ දෙයක් ද එසේත් නැතිනම් අභිමාන් අයියා සිදුකළ දෙයක්දැයි මා හට සිතාගත නො හැකි විය. මම පන්තියට පැමිණි මොහොතේ සිට එය පිළිබඳව සිතමින් නො සන්සුන් ව වූයෙමි.




' ඒත් ඇයි එයා මට බැන්නේ නැත්තේ... අඩු ම මොකුත් කිව්වෙවත් නැහැ. '


' සමහරවිට අසනීප නිසා වෙන්න ඇති. '


' ඒත්... අඩුම පුදුම වුණේවත් නැහැ. ඒ කියන්නේ.... මම මුළු රෑම අභිමාන් අයියාව බදාගෙන ද නිදාගෙන තියෙන්නේ? පුදුමයක් නැහැ ඒ තරම් සනීපෙට නින්දගිය එක... '




මම ක්ෂණික ව මගේ ම කම්මුලට පහරක් එල්ලකර ගත්තෙමි. මේ මොහොතේ මාගේ මනසට පැමිණියේ කොහෙත් ම සුදුසු යමක් නොවේ. මා මම වෙත ම තර්ජනය කරගනිමින් සිටිනා අතරතුර ලකීෂ් මේසය යටින් මාගේ පාදයට පා පහරක් එල්ල කළේ ය.


" ආව්... "


මම පියවි ලෝකයට කඩාපාත් වී වහා ම වටපිට බැළුවෙමි. සියලු ම ශිෂ්‍යයයෝ කළු ලෑල්ල මත වූ ගණනක් තම සටහන් පොත්වල පිටපත් කරගෙන එය විසඳමින් උන්හ. මාගේ සටහන් පොත තවමත් වැසූ ගමන්ම ය.

" මම දැන් ගොඩ වෙලාවක ඉඳන් බලන් හිටියේ ශේන්. අද උදේ ඉඳන් තමුසේ හෙන අමුතුයි. "


" එහෙම මොකුත් නැහැ. "

මම පැවසූවේ ඔහුගෙන් මුහුණ සඟවමිනි. ඔහු මාගේ ප්‍රාණසම මිතුරා බව සත්‍යක් වුව ද මා ඊයේ රාත්‍රියේ අභිමාන් අයියා වැළඳෙන් නිදාගත්බව නම් පැවසිය නො හැක.

" නැති වෙන්න බැහැ. තනිය ම හිනාවෙනවයි, තමන්ට ම ඔරවගන්නවයි.... ඇත්ත කියන්න ශේන් තමුසෙට ඊයේ ක්ලාස් එකේදි කෙල්ලෙක්වත් සෙට් වුණා ද? "

" මොකක්! නැහැ. ඔයාට පිස්සු ද? "



මම හනික ඔහු ව නිවැරදි කළේ ඔහු මා වරදවා වටහාගත් නිසාවෙනි.

" කාට ද පිස්සු කියලා පේනවා. බලන්නකො ඒ මූණේ පෙම් පාට... මටත් කියන්න විස්තර. එකෙන් ම සප් එක දෙන්නම්. "

Under the SkyWhere stories live. Discover now