" ඇයි ඒ? "
" අපිට කෑම්ප් යන්න ළමයි මදි නම් තමයි... ඒත් ඔයා වගේ පොඩි එකෙක්ට නම් එයා කතා කරන්නෙ නැහැ. නැතත් එයා කිසි කෙනෙක් එක්ක වැඩි කතාවක් තියන කෙනෙකුත් නෙමෙයි. "
" දැන් ඔයා මට ද පොඩි එකා කිව්වේ... ආ... "
මම කෝපයෙන් ලකීෂ්ගේ හිසට පහරක් එල්ල කළෙමි.
" නැත්තන්... සුදුවට ලස්සනට කෙල්ල වගේ ඉද්දි කාට ද හිතෙන්නේ කැඩෙට් ට්රේනින් එක වගේ හාර්ඩ් ට්රේනින් එකක් දරාගන්න පුළුවන් වෙයි කියලා... "
ලකීෂ් නැවතත් මා හට සරදම් කරන්නට වූයේ ය. මම ඔහුගේ වදනිනි කෝප ගත්තෙමි. පන්තියට ම වී සිටියා කියා මා කිසිවක් කරගත නො හැකි මෝඩයෙකු නො වේ. නමුත් මම එම අවස්ථාවේ දී කළ හැකි වූ මෝඩ ම ක්රියාව සිදු කළෙමි.
" ඇත්තට... ඔයා කියන්නේ මට බැහැ කියල ද... මමත් එනවා කැඩෙටින් කරන්න. පෙන්නන්නම් කාට ද මොකුත් කරගන්න බැරි කියලා... "
මම ලකීෂ්ට රවමින් මගේ ආසනයෙන් ගොස් අසුන් ගත්තෙමි. ලකීෂ් තරමක් වේලා මේසයට ගසමින් පදවැල් අල්ලමින් උන් පිරිස සමඟ හිඳ මාගේ අනෙක් පසින් අසුන් ගත්තේ ය.
" හරි... එහෙනම් සඳුදා ඉඳන් එන්න... හැමෝම මුල දී ඔහොම තමයි. ඒත් වැඩි ම වුණොත් සතියයි. "
අවසානයේ දී මම එසේ මාගේ දිවියේ ගත් මෝඩ ම තීරණය ගත්තෙමි. පසු විපාක දැන දැන ම මෙවන් ක්රියාවක් සිදු කිරීම තනිකර ම ධාවනය වෙමින් පවතින කෝච්චියකට බෙල්ල තැබීමක් වැනි ය. නමුත් පසු කාලයක දී නම් මම ඒ තීරණය පිළිබඳ පසු නො තැවෙන බව අවධාරණය කළ යුතු ය.
එදින පාසල අවසානයේ මම නිවෙස කරා පිය නැඟුවේ මෙය මාගේ දෙමාපියන් වෙත කෙසේ දැනුම් දෙන්න ද කියා සිතමිනි. ඔවුහු මෙම තීරණයට විරුද්ධ වනු නො අනුමාන ය. මන් ද මම තවත් විශය බාහිර කටයුතු සිදුකිරීම මාගේ ඉගෙනීමට බාධා වේ යැයි ඔවුන් නිසැකව ම සිතනු ඇත.
හවස් වරුවේ ද පුහුණුවීම් පැවති බැවින් පාසල නිම වී මම නිවසට පැමිණියේ තනිවයි. එබැවින් මම තනිව ම අයිස් ක්රීමයක රස බලමින් බස් නැවතුම්පලේ සිට නිවස වෙත බඩගෑවෙමි.

YOU ARE READING
Under the Sky
Romanceලබා දුන්නොත් අවස්ථාවක් ආසයි පෝලින් වෙන්න ආයෙත් වරක් රන්ටැඹේ අහස යට...