පළවෙනි දිගහැරුම.......
🚆 🚆🚆ෂැංහයි සිට ග්වන්ඩොන්ග්(guangdong) බලා පැය 10ක් පුරාවට පස්චාත් භාගය ලෑල්ලක් බවට පත්වන තුරුම දුම්රිය අසුනක වාඩිවී ඉතා අපහසුවෙන් පැමිණි ශාන් ග්වන්ඩොන්ග් දුම්රිය ස්තානයෙන් ඉක්මනින් බැසගත්තේ ගමන හිතූ තරම් ලෙහෙසි නොවූබවට සිහිගන්වමින්...
නුපුරුදු පරිසරයක් නාගරීකරණයෙන් මිදී ගැමි හුරුවට සියල්ල අලුත්මවූ වටපිටාවක්... තව විදිහකින් කිව්වොත් සුරපුරයකින් මහපොළොවට බැසීමක්...මේ තමයි ශාන් බලාපොරොත්තු වෙන වෙනස... විදින්න පුලුවන් ජීවිතයක්..
පියාගේ ධනස්කන්දය සහ පුහු මාන්නය උපන්දා සිටම සිතට ගෙන ආ අමිහිරි අත්දැකීම් සමගින් දිවිගෙවූ ශාන්ට ඉන් මිදීමට ඉතා බිහිසිනු සටනක නියැලෙන්නට සිදුවිය. අවශ්‍යම දේට වචනයක් හෝ දෙකක් පමණක් කතාකරන තම පියා ඉදිරියේ ජීවිතේ පලවෙනි වතාවට සියලුම ශක්තීන් භාවිතා කරමින් වාග් ප්‍රහාරයන් මගින් සිදුකල සටනේ අවසන් ප්‍රතිඵලය ලෙසට ජීවවිද්‍යා ගුරුවරයෙකු ලෙසට පළවෙනි පත්වීම දුෂ්කර පාසැලකට ලබාගැනීමට හැකිවිය...." අවුරුදු ගානක් නැහිලා නැහිලා හම්බකරලා මේවා මේ තත්ත්වෙට ගෙනාවෙ තමුසෙට මුඩුක්කු ගානෙ ගිහින් හිගන්නන්ට උගන්නන්න නෙවෙයි ශාන්..."
පපාගේ ඒ වදන් පිහිපාරවල් මෙන් යලි යලිත් ශාන්ගේ සිහියට නැගුනි.....
" අඩෝ.... ශාන් මගෙ බොක්කා..... මේ ... මං මෙහේ..."🙂
ස්ටේෂන් එකෙන් බැස්ස ශාන් කතරක අතරමං වෙලා වගේ කල්පනා ලෝකයක කිමිදිලා හිටියේ ආතක් පාතක් දන්නෙ නැති නිසාවෙන්. අනික එකට කොලෙජ් එකේ ඉගෙන ගත්තු ෆැන්ග් මෙතනට ඇවිත් ඉන්නවා කියලා පොරොන්දු උනු හින්දා තමයි භූතයෙක් වගේ මේ හිටගෙන හිටියේ....
කතරට වැස්සක් වගේ ෆැන්ගගේ ටින්බෙලෙක්ක හඩ ඇහුනම ශාන්ගෙ මුවට මල් මල් හිනාවක් ආවා... මේ ශාන් ෆැන්ගව දකින්නෙ අවුරුද්දකින් විතර මං හිතන්නේ...." අඩෝ ෆැනා..... මං හිතුවෙ උඹ මාව අමාරුවේ දායි කියලා නෑවිත්."
" එහෙම කරනවද යකෝ මේ බොක්කා... මං අර කොනේ ඉදං මේ සර්ච් පාරක් දාගෙන එන්නෙ ..... අන්තිමට ඈතට උඹේ කිරිගරුඬ රූපෙ දැක්ක පාරට තමයි සද්ද පූජාව දැම්මෙ"
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....