දෙවැනි දිගහැරුම

3.1K 450 27
                                    

The miracle of love ..💚❤

දෙවැනි දිගහැරුම...............
🐦 🐦🐦🐦🐦🐦🐦🐦🐦🐦

කුරුල්ලන්ගේ කීචි බීචි නාදයත් එක්ක ශාන් උදේම අවදිවුනේ පුදුමාකාර සැහැල්ලුවකින්. මේක අලුත්ම අත්දැකීමක් ..  ශාන් ඇස්දෙක ඇරගෙන ඇදටම වෙලා තව ටිකවෙලාවක් ඒ සද්දෙට ඇහුම්කන් දීගෙන හිටියා.. ෂැංහයි වල නැති නිදහසක්,සුන්දරත්වයක් මෙහෙදි හිතට දැනෙනවා... ඉතින් තමන් ගත්තු තීරනේ හරියි කියලා ආපහු ශාන්ට හිතුනා... 

පෝන් එක අතට ගත්තෙ ඊයෙ රෑවත් මමාටයි අක්කටයි කතාකලේ නෑනේද කියලා මතක්වෙලා. ඒත් සිග්නල් නෑ කියලා දකිද්දි නම් ශාන්ට තරු පෙනුනා...
" ඒකතමයි ඊයෙ ඉදලා එක කෝල් එකක්වත් ආවෙත් නැත්තෙ... බලමු හවසට ඇවිත් කාගෙන් හරි අහනවා මේකට මොකක්ද කරන්නෙ කියලා .."
😓😓😓😓😓😓😓

ඒගැන හිතන එක පැත්තකට තියලා ශාන් ඉක්මනින් සුලු ආහාරයක් බඩට දාගෙන වොශ් එකක් දාලා ලෑස්තිවුනා... කලුපාට කලිසමට සුදු අත්දිග ශර්ට් එකක් ඇදපු ශාන් කලු සපත්තු යුගලක් පැලදගත්තා..
කණ්නාඩිය ඉස්සරහට ගිහින් ටිකක්වෙලා ඒ දිහා බලාගෙන හිටපු එයා පුංචි හිනාවක් තමන්ගෙ ප්‍රතිබිම්බයටම දීලා යන්න පිටත්වුනා...   

🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️

බෝඩිමේ ඉදලා විනාඩි පහක් විතර පයින් ඇවිදගෙන යන ශාන්ට ඔන්න තමන්ගෙ පලමු පත්වීම වෙනුවෙන් ලැබුනු පාසල දර්ශනය වෙන්න පටන් ගත්තා... ෂැංහයි වල දකින මහා විශාල තට්ටු ගොඩනැගිලි නැතත් හරි නිස්කලංක පරිසරයක ලුෆෙන්ග් මධ්‍ය විද්‍යාලය පිහිටලා තිබුනා.. ඒ වෙනකොටත් සිසුන් එක්කෙනා දෙන්නා එන්න පටන් අරගෙන තිබුනු නිසා ශාන් එක් ශිෂ්‍යාවකගෙන් කාර්‍යාලයට යන පාර අහගෙන විදුහල්පති හමුවීම පය ඉක්මන් කලා....

"සර් මම ඇතුලට එන්නද?"
" ආහ්... මිස්ටර් ශියාඕ ශාන් එන්න එන්න. වාඩිවෙන්න"👨
"සර් මම මේ "
"මිස්ටර් ශාන් ඔයාගෙ පපාත් මට කතාකලා.. අපි ඒකාලේ ක්ලාස් මේට්ලා.. ඔයා බෝඩිමක නවතිනවා කිව්වහම කමක් නෑ එයාගෙ කැමැත්තෙ කියලා තමයි මිස්ටර් ශියාඔ සොන්ග් කිව්වෙ... ඉතින් කොහොමද ඊයෙ ගමන? ඔයාගෙ බෝඩිම ගැන ඔයා සෑහීමකට පත්වෙනවද?"
මිස්ටර් ලියොන් ලයි ගෙන් ප්‍රශ්න වැලයි...

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now