දාහතර වන දිගහැරුම

2K 411 17
                                    

The miracle of love ....... ❤💚

බෝනස් කොටස.............

( මෙයට  පෙර දොලොස් වන දිගහැරුම කියවන්න . .  👈 )

යීබෝ කෝපයෙන් පිටව ගියපසු ශාන්ට පුදුමාකාර තනිකමක් දැනෙන්නට විය...
ඇත්තෙන්ම දැන් යීබෝ යනු ශාන්ගේ ජීවිතයේ සෙවනැල්ලය..  එක මොහොතක් ලඟින් නැතිවිට ඒ අඩුව මහා මෙරක් මෙන් දැන්නේය... අද ඔහු මේ අයුරින් ඇතිකරගත් ගැටලු සියල්ලටම හේතුව තමන් බව ශාන්ට වැටහුනි...

" වෙලාවට අර බයික් එකේ ටයර් කපද්දි කවුරුත් දැකලා නැත්තෙ... නැත්නම් අද මොනවගෙන් මොනවා වෙයිද මංදා... ඒත් බෝ බෝ කොහොමද ඒක දන්නේ... හොරෙන් අහගෙන හිටිය වත්ද... අනේ මන්දා මේ පිස්සු කොල්ලා ...."

ශාන් තමන්ටම කියාගනිමින් දුරකතනයත් රැගෙන නිවසින් එලියට පැමිනියේ පපාට කතාකල යුතුයැයි සිතූ බැවිනි.... ලුෆෙන්ග් වලට ආවත් හරි එකම එක වතාවක් පමණක් ඔහු පපාට කතාකලේය ...  ඇත්තෙන්ම ශාන් පපාට කතාකිරීමට අකමැත්තක් දක්වන්නේ අනෙක් පසින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බැවිනි ....

ඒ කෙසේ වූවත් මෙවර ශාන් මිස්ටර් සොන්ග් ට ඇමතුමක් ගත්තේය ..

" පපා. . මේ මම ... "

" දන්නවා ... ඇයි .."

" පපා මෙහෙ බිස්නස් පටන් ගන්න හදනවා කියන කතාව ඇත්තද? "

"තමුන්ට ඒවා අදාල නෑනේ...තමුන් බිස්නස් එපා නිසානෙ උගන්නන්න ගියේ  ."

" පපා.... ඔය යංග් මුදලාලි මහ එපාකරපු මනුස්සයෙක් ... ඒ මනුස්...."

" මේ ශාන් මට මිනිස්සුන්ගෙ ජාතකේ වැඩක් නෑ බිස්නස් වලට.. ඩීල් එකක් කියන්නෙ ඩීල් එකක් ... තමුන්ට මේවා වැඩක් නෑනේ ..  පාඩුවේ ඉන්නවා... "

දුරකතනය විසන්ධි විය... ශාන්ගේ ඇස්වලට කදුලු ඉනුවේ ඔහුටත් නොදැනීමය.... ඒ වේදනාවෙන්ම ශාන් මමාට ඇමතුමක් ගෙන මේ බිස්නස් සිද්දිය ඉතා කලකිරීමෙන් යුතුව පැවසීය ....

" මගෙ රත්තරං ඔයා දන්නවනේ පපාගෙ හැටි... කිසිම දෙයක් කියන්න යන්න එපා... එයා ඕනෙ දෙයක් කරපු දෙන්...ඔයා දන්නවනේ මම කොහොමත් ඕවට හවුල් නෑ කියලා ... "

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now