හතලිස් තුන්වෙනි දිගහැරුම ......

2.1K 420 109
                                    

In the club 🍺🍺🍺🍺

" කවුද මාව අල්ලගෙන ඉන්නෙ... අතාරින්න ... මට මේ ගෑණිට ගහන්නෝනෙ ....."

ශාන්ගේ හඩ පහත්වීමක් වත් වැනීමේ අඩුවීමක් වත් නැත....

එම කාන්තාවගේ පෙම්වතා සමග ජියැන්ග් ඉතා සුහදශීලීව කතාකලේය... ඔහු තත්ත්වය තේරුම් ගෙන පෙම්වතියත් රැගෙන එතැනින් ඉවත්විය....

" චාන්ගා .... "

යීබෝ ශාන්ගේ සවන් අසලටම මුව තබා කතාකලේ මොහුව මෙල්ල කරගන්නට නොහැකි වූ නිසාවෙනි .... කෑගසමින් සිටි ශාන්  ඒ ස්පර්ශය සහ හඩ ඇසුනු සැනින් නිසල විය....
සැනින් ඔහු එතැනම ඇනතියාගෙන වාඩිවී.... හඩන්නට පටන් ගත්තේය.... දැන් වටපිටාවේ සිටින අයගේ අවධානය සම්පූර්ණයෙන්ම මෙතැනට වැටී හමාරය...

ජියැන්ග් යුවලගේ ගැටලුව විසදා ඉක්මනින් එතැනට දිව ආවේ ශාන් හඩන ශබ්දය පැහැදිලිව දුරටත් ඇසුනු නිසයි... කලබල අතර ප්ලේ වෙමින් තිබුනු සංගිත රාවයද නවතා දැමීම මෙයට හේතුවයි....

 කලබල අතර ප්ලේ වෙමින් තිබුනු සංගිත රාවයද නවතා දැමීම මෙයට හේතුවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මගෙ බෝ බෝ.... ඔයා .... මාව අල්ලන අත්දෙකෙන්ම ඒකිව අල්ලගෙන හිටියා..... මං .... මං.... කොහොමද ....."

යීබෝට ශාන් මේ කියනා දේවල් දරාගන්නට අපහසු උවද ඉවසාගෙන ඔහුව වත්‍තම් කරගත්තේ ඉක්මනින් මෙතැනින් එළියට රැගෙන යන්නයි....

" බෝ    බෝ..... "
දැන් ඇසෙන්නේ කෙදිරියක් පමණි...  ඉක්මනින් ජියැන්ග්ගේද සහය ඇතුව ශාන්ව වාහනයට නංවාගත්තේය....යීබෝ ශාන් අසලින් පසුපස අසුනෙ වාඩිවිය..

ජියැන්ග් ඇමතුමක් ගත්තේය

",යුන්...  මම ලොකේෂන් දාන්නම් දැන්ම ටැක්සියක එන්න මෙතනට.... "

ඔහු ඒ කතාකලේ ශාන්ගේ කාර් එක රැගෙන යන්නට ඔහුගේ පෞද්ගලික රියදුරු හටයි...

The miracle of love  (yizhan ff     Complete  )Where stories live. Discover now