The miracle of love .......❤💚
🔦🔦🔦🔦🔦🔦🔦🔦🔦🔦🔦🔦🔦
කකුල් දෙකත් සෝපා එක උඩට අරගෙන මූණ ඒ අස්සෙම හංගගෙන ඇස් දෙකත් වහගෙන තනියම කියවන ශාන්ට දැන් එළියෙන් ඇහෙන සද්දෙත් එක්ක බය දෙගුණයක් වෙලා... ඒ නිසාම ශාන්ගෙ කියවිල්ල ඉකියක් බවට පරිවර්තනය වෙලා..😥😥😥😥😥😥😥
එළියෙන් ඇහුන සද්දෙ දැන් ගේ ඇතුලෙත් ඇහෙනවා වගේ...."අනේ අම්මේ මං හොල්මන් වලටත් බයයිනේ... කලුවර මදිවට හොල්මනුත් ඇවිත්...."
ශාන් අඩ අඩා කියවනවා..........හැබැයි ඒත් එක්කම පොඩි ආලෝකයක් වගේ පෙනුන නිසා ශාන් පෝඩ්ඩක් ඔලුව උස්සලා එක ඇහැක් විතරක් ඇරලා බැලුවා..... ශාන්ට දැනුනු සතුට කියලා නිම කරන්න බැරිවුනා.... යීබෝ ඇවිත් 🕯️🕯️ පත්තු කරනවා.....
" අනේ බෝ බෝ ආවනම් කතාකරන්න එපැයි.. මං තවටිකෙන් පපුව පැලිලා මැරෙනවා..."
ශාන් තවමත් හිටපු විදිහටම උන්ඩිවෙලා ඉන්නවා....
එහෙම දකිනකොට බෝට පුදුමාකාර ආදරයක් ශාන් කෙරෙහි ඇතිවෙනවා ...
"පොඩි එකෙක් වගේ ඉන්නෙ නැතුව දැන් කන්න"
"අනේ ඔයා යන්නෙපා බෝ බෝ... කරන්ට් එක එනකල් ඉන්නවද "
ශාන් අහිංසක මූණක් හදාගෙන ඇස් දෙකත් හීනි කරලා බෝ දිහා බලාගෙන ඇහුවා...
"හ්ම්ම්".... ඒ තමයි බෝගෙ උත්තරේ....
"මම තව නූඩ්ල්ස් එකක් හදන්නම්"
" නෑ ඔහොම ඉන්න"
ඉතින් ආය ශාන් හෙල්ලෙන්නෙ නෑ... හරියට දැන් බෝ බෝ ප්‍රින්සිපල් ශාන් ළමයා වගේ... ඕක වෙනස් වෙන්නෙ ඉස්කෝලෙදි විතරයි.. 😁
යීබෝ පාර්සලයක් ස්ටූල් එක උඩ දිග ඇරියා... ඒකෙ තිබුනේ චීන සාම්ප්‍රදායික ආහාරයක් , ඒකෙ නම,bamboo rice .හාල් සහ ඌරුමස් උන,පතුරු මැදින් දාලා තම්බලා හදන,බොහොම රසවත් ග්‍රාමීය ආහාරයක් ... බෝ ඒවා ගෙනත් තිබුනේ හන්දියේ හොටෙල් එකෙන් ... ... ශාන්ට පුදුම හිතුනා.. ඒ වගේම කියාගන්න බැරි මොකක්දෝ හැගීමක් හිත පුරාවටම පැතිරුනා...
"ඇයි මේවා ගෙනාවෙ බෝ බෝ... ඔයා වැඩකරපු සල්ලි ඇයි මෙහෙම වියදම් කලේ..."
YOU ARE READING
The miracle of love (yizhan ff Complete )
Fanfictionදරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....